එජාපයට කඩේ යන කාඩ්බෝඩ් වංශලාට ඕනෑ විදිහට අපි තීරණ ගන්නේ නෑ - ඩිලාන් Featured

Published in පුවත්
Tuesday, 10 March 2015 08:22

තම පක්ෂයේ කටයුතු සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයට කඩේ යන ‘කාඩ්බෝඩ්’ වංශලාට අවශ්‍ය ආකාරයට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (09) පැවසීය.

අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ගත් තීන්දුවට පිටුපා මහනුවර පැවැති දේශපාලන රැලියට සහභාගි වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව හා පක්ෂයේ සමගිය සුරැකෙන පරිද්දෙන් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එබැවින් තම පක්ෂයේ තීන්දු තීරණ ගන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හා එක්සත් ජාතික පක්ෂයට කඩේයන ‘කාඩ්බෝඩ් වංශලා’ට වුවමනා ආකාරයෙන් නොවන බැවින් එවැනි අය කලබල නොවිය යුතු බව ද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මහ’ ‍ලේකම්, ප්‍රධාන සංවිධායක හා ජාතික සංවිධායක ඇතුළත් සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා විදේශ සංචාරය නිමවා පැමිණි වහාම එක්සත් ජාතික පක්ෂය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් මේ වන විට එම සාකච්ඡා සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් වෙමින් පවතින බවත් ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

 

-rivira

Last modified on Tuesday, 10 March 2015 08:26

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us