ක්‍රීඩා සංගම් මා‍ෆියාව ඇමැතිට එරෙහිව අවි අමෝරයි

Published in පුවත්
Tuesday, 10 March 2015 07:55

වසර 4ක කාලයක් ක්‍රීඩා සංගම්වල ප්‍රධාන තනතුරු දැරූ පුද්ගලයින්ට නැවත එම ධුරවලට නාමයෝජනා ඉදිරිපත් කිරිමේ අවකාශයක් නොමැති බවට නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම් දීමේ ප්‍රවෘත්තිය පළවීමත් සමග ක්‍රීඩා සංගම් ප්‍රධානීහු නොසන්සුන්තාවට පත්ව සිටිති.

මේ නීතිමය ප්‍රතිපාදනයත් සමග දැනට ක්‍රීඩා සංගම්වල කටයුතු කරමින් සිටින බොහෝ දෙනකුට නැවත තනතුරු දැරීමේ අවස්ථාව අහිමිවේ. මෙයට එරෙහිව අධිකරණයේ පිහිට පතන බව ක්‍රීඩා සංගම් ප්‍රධානීහු කියති. නව නීතිය යටතේ අලුතෙන්ම පිරිසක් ක්‍රීඩා පරිපාලනයට එක්විය යුතු අතර එසේ වුවහොත් ක්‍රීඩා දියුණුවට ද එය බලපානු ඇති බව ක්‍රීඩා ප්‍රධානීන්ගේ මතය වී ති‍බේ.

වසර කිහිපයක්ම එක දිගට නිලතල එම නිලතල දරන අය ඉවත්ව අලුත් පිරිසකට ක්‍රීඩා පරිපාලනය භාරදිය යුතුව ඇතැයි කලක සිට මත පළවෙමින් තිබිණි. එහෙත් එය එකවර කිරීමෙන් අනිසි ප්‍රතිවිපාක අත්විය හැකි බවට ක්‍රීඩා ප්‍රධානීන් අනතුරු අඟවති. එහෙයින් ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතාට මේ පිළිබඳව සංදේශයක් භාරදීමට ද එම ක්‍රීඩා සංගම් ප්‍රධානීන් ඊයේ කටයුතු ආරම්භ කොට තිබිණි.

ක්‍රීඩා රෙගුලාසි අනුව ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය පරිදි ක්‍රීඩා දියුණුවට කැපවූ සංගම් ප්‍රධානීන්ට දෙවැනි වතාවට නාමයෝජනා ඉදිරිපත් කිරිමේ අවස්ථාව කලින් තිබුණ ද නීතිපතිවරයාගේ නව පැහැදිලි කිරීම් අනුව එම අවස්ථාව අහිමිවන්නේ ද යන්න ක්‍රීඩා ඇමැතිවරයාගෙන් අසා දැනගැනීම මේ සංදේශයත් සමග සිදුවන බව ඔවුහු පවසති. මේ අතර තවත් පිරිසක් මේ නව නීති ප්‍රතිපාදන ඉදිරිපත් කිරීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍යංශයට ප්‍රශංසා කිරීමට සැ‍රසේ.

ඉදිරියට පැමිණීමේ අවශ්‍යතාව තිබුණ ද කලක පටන් එක්තරා පිරිසක් ක්‍රීඩා සංගම්වල බලය අල්ලා සිටීමෙන් තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ බව ඔවුහු පැවැසූහ. 'මේක විප්ලවීය තත්ත්වයක්. මතභේදාත්මක දෙයක් විය හැකියි. නමුත් කාලයට අනුව සිදුවිය යුතු දෙයක්.' නම හෙලි කිරීමට අකමැති වූ ක්‍රීඩා සංගම් ප්‍රධානියකු පැවැසීය. කෙසේ වුවද මේ තත්ත්වය හමුවේ නිලවරණ පැවැත්වීමේ කාලය දීර්ඝවනු ඇතැයි පැවැසේ.


dinamina

Last modified on Tuesday, 10 March 2015 08:17

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us