පොලිසියේ 53 ක්‌ අල්ලස්‌ කොමිසමට

Published in පුවත්
Tuesday, 10 March 2015 08:29

අල්ලස්‌ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි විභාග කිරීම කාර්යක්‍ෂම කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සිව් දෙනකු ඇතුළු පොලිස්‌ නිලධාරීන් 53 දෙනකු බඳවා ගැනීමට අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කරමින් සිටියි.

මෙම බඳවා ගැනීම්වලට අමතරව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් වන අශෝක විඡේතිලක සහ නෙවිල් ගුරුගේ මහත්වරුන්ද අල්ලස්‌ කොමිසම වෙත තාවකාලික පදනම මත බඳවා ගෙන ඇත.

අල්ලස්‌ කොමිසම වෙත දිගින් දිගටම ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කර දූෂිතයන් වහාම අත්අඩංගුවට ගන්නා අටියෙන් මෙම නිලධාරීන් පිරිස බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව අල්ලස්‌ හෝ දූෂණ කොමිෂන් සභාවේ උසස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේය.

ඒ අනුව අල්ලස්‌ පැමිණිලි විමර්ශනය සඳහා අලුතින් සහකාර පොලිස්‌ අධිකාරිවරුන් සිව් දෙනකු, ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂකවරුන්, පොලිස්‌ පරීක්‌ෂකවරුන් සහ උප පොලිස්‌ පරීක්‌ෂකවරුන් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්‌ෂණ ආරම්භ කර ඇත.

එම බඳවා ගැනීම්වලින් පසු පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රෝණිවල නිලධාරීන් පිරිසක්‌ ද අල්ලස්‌ කොමිසමේ පැමිණිලි විභාග කිරීම වෙනුවෙන් බඳවා ගැනීමට නියමිතය.

 

- divaina

Last modified on Tuesday, 10 March 2015 08:30

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us