මාධ්‍යවේදිනියන් 30% ආයතනය තුලදීම ලිංගික හිරිහැරවලට ගොදුරුවේ

Published in පුවත්
Tuesday, 10 March 2015 08:43

ශ්‍රී ලාංකික මාධ්‍යවේදිනියන්ගෙන් සියයට තිහක් පමණ මාධ්‍ය ආයතන තුළදීම ලිංගික හිරිහැරයන්ට ගොදුරු වන බව ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදය (IFJ) පවසයි.

ජාත්‍යන්තර ජනමාධ්‍ය සංසදය විසින් ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදිනියන් හතළිස් පස් දෙනකු යොදා ගනිමින් සමීක්ෂණයක් සිදු කර තිබේ.

තමාට ලිංගික හිරිහැරයන් සම්බන්ධයෙන් යම් කිසි අත්දැකීමක් ඇති බව ඉන් දහතුන් දෙනකුම කියා සිටි බව සමීක්ෂණ වාර්තාවේ කතුවරිය ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී දිල්රුක්ෂි හඳුන්නෙත්ති පවසා සිටියාය.


‘බොහෝ විට ඔවුන් සමග වැඩ කරන ඉහළ නිලධාරීන්ගෙන් තමයි වැඩිපුරම බලපෑම් ඇති වන්නේ. දෙවනුව තමන් සමග වැඩ කරන සහෝදර පිරිමි ජනමාධ්‍යවේදීන්ගෙන්’ ඇය කියා සිටියාය.

බොහෝ ජනමාධ්‍යවේදිනියන් තමාට මුහුණ දීමට සිදු වූ ලිංගික හිරිහැරයන් සම්බන්ධයෙන් කතා කිරීමට අකමැති බව පවසන නීතිඥ දිල්රුක්ෂි හඳුන්නෙත්ති ඒ හේතුවෙන් මෙවැනි සිදුවීම් වාර්තා වීමෙහි අඩුවක් දක්නට ඇති බවයි සඳහන් කළේ.

‘බොහෝ දෙනාගේ උත්තරය වුනේ ඒ ගැන කතා කරන්න ඉදිරිපත් වුනේ නැහැ. ඒ ගැන පැමිණිල්ලක් කරන්න ඉදිරිපත් වුනේ නැහැ කියන ඒක’ ඇය පැවසුවාය.

'පරිභවයට'

එවැනි අත්දැකීමකට මුහුණ දුන් ජනමාධ්‍යවේදිනියක් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර, අනතුරුව අගතිය සිදු කරනු ලැබූ පුද්ගලයාට එරෙහිව ආයතනය විසින් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් එම ජනමධ්‍යවේදිනියට තවදුරටත් සේවය කර ගෙන යෑමේ ගැට‍ළුවක් මතු වන බවයි ඇය කියා සිටියේ.

‘මෙවැනි දේ වෙලා පරීක්ෂණයක් සිදු කළත් මේ දේවල් එළියට එනවා. බොහෝ විට එතනදී දෙවැනි වතාවටත් කාන්තාව අගතියට පත් වෙනවා.මොකද ඇය වරදකරුවකු කරන අවස්ථා බොහොමයි. සමාජය විසින් ඇයව පරිභවයට ලක් කරන අවස්ථා තියනවා’ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී දිල්රුක්ෂි හඳුන්නෙත්ති සඳහන් කළාය.
තම මාධ්‍ය සගයන් විසින් සිදු කරනු ලබන අසභ්‍ය ඝනයේ විහිළු තහළු කිරීම්ද ලිංගික හිංසනයට අයත් වන බව ඇය පැවසුවාය.

ලිංගික හිරිහැරයන්ට ලක් වන මාධ්‍යවේදිනියන් සඳහා සාධාරණය ඉටු කිරීම පිණිස මාධ්‍ය ආයතන තුළ පිළිගත් යාන්ත්‍රණයක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී දිල්රුක්ෂි හඳුන්නෙත්ති වැඩිදුරටත් කියා සිටියාය.

bbc

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us