සිංහල ජනතාවත් යලි පදිංචි කළ යුතුය - උතුරු පළාත් අමාත්‍ය ඩෙනීෂ්වරන්

Published in පුවත්
Tuesday, 10 March 2015 10:44

වව්නියාවේ මායිම් ගම්මාන වල ජීවත්වූ සිංහල ජනතාව නැවත පදිංචි කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ධීවර, ප්‍රවාහන සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී.ඩෙනීෂ්වරන් ප්‍රකාශ කර ඇත. වව්නියාවේ පැවති වැඩසටහනකට සහභාගි වී කතා කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“අප කිසිඳු ජනවර්ගයකට එරෙහි වන පුද්ගලයින් නොවේ. සියළු ජනතාව සමග සමඟියෙන් කටයුතු කළ යුතුය. අප සිංහල ජනතාවට එරෙහි පුද්ගලයින් නොවේ. වව්නියාව දිස්ත්‍රික්කයේ මායිම් ගම්මාන වල සිංහල ජනතාව පදිංචි වී සිටින ලදි. ඔවුන්ව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් අප විරෝධය නොදක්වන්නෙමු. නමුත්, නව සිංහල ගම්මාන ඉදිකිරීම් සම්බන්ධයෙන් අප විරෝධය දක්වන්නෙමු.

මින් ඉදිරියට පවත්වන වැඩසටහන් වලට හින්දු, ඉස්ලාම්, කතෝලික සහ බෞද්ධ ආගමික නායකයින්ට අනිවාර්යයෙන් ආරාධනා කළ යුතුය. සියළු ආගමික නායකයින් සිටින අවස්ථාවකදී, එම ජන වර්ගය වලට ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කර, එකඟතාවයකට පැමිණිය හැකිය. එබැවින් එම ආගමික නායකයින්ටත් මෙවැනි වැඩසටහන් වලට ආරාධනා කළ යුතුය” යනුවෙන් ඩෙනීෂ්වරන් ප්‍රකාශ කර ඇත.


lankatnews

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us