News Items (18842)
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගෙන පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව සෞඛ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා දිනමිණ පුවත්පතට පවසයි.
කැටයම් කලාව කියන්නෙ ඉතාම අපහසු වගේම කල් වේලා ගතවන වැඩක්. බොහෝවිට කැටයම් කැපීම සඳහා යොදාගන්නෙ රළු මතුපිටක්.
නාරාහේන්පිට තොග වෙළෙඳ ගබඩාවේ තිබී පසුගිය දා සොයා ගත් සැහැල්ලු ගුවන් යානය හෙට (12) ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයට බාර දීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය පවසයි.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ වැඩසටහන් නිශ්පාදකයකු වන කැලම් මැකරේ මහතා නිශ්පාදනය කළ No Fire Zone - The Killing Fields of Sri lanka සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත පසුගිය 10 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවේ කාමර අංක 21 හී ප්‍රදර්ශනය කරනු ලැබුවේය.
ශ්රී ලංකාවට ඕනෑම අාධාරයක් දෙන්න අපි සූදානම්-ඩේවිඩ් කැමරන්(photo)
ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා ක‍්‍රියාත්මක වැඩපිළිවෙළේ දී අවශ්‍ය ඕනෑම ක්ෂේත‍්‍රයක ආධාර ශ‍්‍රී ලංකාව වෙත නොපැකිලිව ලබාදීමට මහා බි‍්‍රතාන්‍ය සූදානම් බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පැවසීය.
ප්‍රකාශයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (11)දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ නොමැති බව වාර්තා වේ.
නවසීලන්ත කිරිපිටිවල මීයන් මරණ වස අඩංගු බවට චෝදනාවක්(video)
නවසීලන්තයේ ප්‍රකට කිරිපිටි නිශ්පාදන සමාගමක් වන ෆොන්ටෙරා සමාගම (ඇන්කර්) නිෂ්පාදනය කරන ලදරු කිරිපිටිවල කෘමිනාශක අඩංගු බවට බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. ලෝකයේ විශාලම ළදරු කිරිපිටි ආනයනකරුවා වන්නේ ද මෙම සමාගමයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්‍ෂ 10ට අඩු තැන්පතු සඳහා15%ක ඉහල පොලියක් ලබාදීම දැන් ආරම්භ කර ඇත. ඉකුත් අතුරු අයවැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් වන මෙය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන වරප‍්‍රසාදයක් බව කොළඹ ඊයේ (10) පැවැත්වු මාධ්‍ය හමුවක දී ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඞී.එම් ගුණසේකර කියා සිටියේය. වයස අවුරුදු 60 ඉක්මවු සියලූ තැනැත්තන් මෙහිද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සලකන බවද ඔහු කියා සිටියේය.
අල්ලස් කොමිසමේ පැමිණිලි විභාගයට තව අවුරුදු තුනක්වත් යනවාලු
අල්ලස් හෝ දූෂණ විමරණ කොමිසමට ලැබී තිබෙන පැමිණිලි කන්දරාව සම්බන්ධයෙන් මූලික විමර්ශන නිම කිරීම සඳහා තව වසර දෙක තුනක්වත් ගත වනු ඇතැයි කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසයි.
එක්දින තරඟ 3631ක ඉතිහාසය තුළ පිට පිට ශතක 4ක් රැස් කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වීමට කුමාර් සංගක්කාර අද (11)සමත් විය.
