යෝෂිත ළඟ තිබූ ගුවන් යානය කෞතුකාගාරයට

Published in පුවත්
Wednesday, 11 March 2015 15:52

නාරාහේන්පිට තොග වෙළෙඳ ගබඩාවේ තිබී පසුගිය දා සොයා ගත් සැහැල්ලු ගුවන් යානය හෙට (12) ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයට බාර දීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂට අයත් සීඑස්එන් රූපවාහිනියේ භාණ්ඩ කිහිපයක් ද සමඟ එය සඟවා තිබිය දී නාරාහේන්පිට පොලිසිය සොයා ගත්තේය.

පසුව හෙළි වූයේ ආචාර්ය රේ විජයවර්ධන මහතා විසින් නිපැයූ එම සැහැල්ලු ගුවන් යානය චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින් යෝෂිත රාජපක්ෂට ලබා දුන් බවයි.

රේ විජයවර්ධන මහතා, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ ඥාතියකු ද වන අතර ඒ අනුව ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් රේ විජයවර්ධන මහතාගේ පවුලේ ඥාතීන්ගේ ද කැමැත්ත ඇතිව එය එම ගුවන් යානය නවීකරණය කිරීමෙන් පසුව ගුවන් හමුදා කෞතුකාගාරයේ තැබීමට නියමිතය.

සබැදි පුවත්
ගුවන් යානාය ගැන අහන්න යෝෂිතව අද CID ට කැඳවලා

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us