ගෝඨා අත්අඩංගුවට ගැනීමේ තීරණය ජනපති අතේ

Published in පුවත්
Thursday, 12 March 2015 08:09

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගෙන පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව සෞඛ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා දිනමිණ පුවත්පතට පවසයි.

සිව් දින නිල සංචාරය නිමවා ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි වහාම මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට ද මෙහිදී යෝජනා වූ බව ඇමැතිවරයා කීවේය.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික විධායක සභාවේ දී අවධාරණය කළ බවද ඊයේ (11) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති ජාතික විධායක සභාවේ දී මෙම තීන්දුවලට එළඹි බවද ඇමැතිවරයා කීය.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියකට රටින් පිටවීමට අවකාශය ලබාදීමත්, ඇවන්ගාඩ් සිද්ධිය වසන් කිරීම සඳහා මුදල් ලබාදීම, ලේකම්වරයාගේ අස්සනින් අවි ආයුධ නිකුත් කිරීම ආදී චෝදනා ඔහුට එරෙහිව ඇති බව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඇමැතිවරයා පවසයි.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන්ට මුදල් ලබාදී බලපෑම් ඇති කර ඇති බවට ද තහවුරු වී ඇති බවද ආදී කරුණු රැසක් අනුර කුමාර දිසානායක මහතා මතු කළ බව කීවේය.

 

Last modified on Thursday, 12 March 2015 08:15

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us