අගමැතිකමට අපි මහින්දගේ නම යෝජනා කළේ නෑ - වාසු

Published in පුවත්
Thursday, 12 March 2015 08:17

ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස නම් කරන්නැයි සිය පෙරමුණ කිසිදු අවස්ථාවක යෝජනා කර නොමැති බව ප්‍රජාතන්තවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.

තමා ප්‍රකාශ කර සිටියේ මහ මැතිවරණයේදී හිටපු ජනපතිගේ නායකත්වය ද ශ්‍රී.ල.නි.ප. ප්‍රමුඛ සන්ධානයට ලබා ගත යුතු බව පමණක් බව හෙතෙම කීය. තනතුර පිළිබඳ තීරණයකට එළැඹිය යුත්තේ මහ මැතිවරණයෙන් පසුව බවද ඔහු පැවසුවේය.

මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ද නායකත්වය පිළිගැනීමට ශ්‍රි.ල.නි.ප. කටයුතු නොකළහොත් හිටපු ජනපතිවරයාගේ නායකත්වයෙන් යුතු සන්ධානයකින් වෙනම මහ මැතිවරණයට තරග වදින බවද ඔහු පවසයි.

එම සන්ධානයට ශ්‍රී.ල.නි.ප. ජනතා නියෝජිතයන්ගෙන් කොටසක් ද සිය පෙරමුණද මහජන එක්සත් පෙරමුණ ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්ෂද සන්ධාන ගතවීමට නියමිතය. සන්ධානයේ නම හා ලකුණ සම්බන්ධයෙන් පසුව තීරණයක් ගන්නා බවද හේ පැවසීය.

ඉදිරි මහ මැතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයද ශ්‍රී.ල.නි.ප. ය පිළිගන්නේ නම් ඔවුන් සමඟ සන්ධානගතවී මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තම පෙරමුණ සූදානම් බවද නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. එහි අරමුණ එ.ජා.ප. ය පරාජය කිරීම බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


දිනමිණ

Last modified on Thursday, 12 March 2015 08:28

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us