යුද අපරාධ විමර්ෂණ විශේෂ කමිටුව මසක් ඇතුලත

Published in පුවත්
Thursday, 12 March 2015 08:35

යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා විභාග කිරීම පිණිස මසක් ඇතුලත විශේෂ පරීක්ෂණ කමිටුවක් ඉක්මනින්ම පත්කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය සැමරීම පිණිස බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටින අතරවාරයේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

"පරීක්ෂණ කමිටුවක් තමයි පත්කරන්නේ නීත්‍යානුකූලව. ඒ පරීක්ෂණ කමිටුවට ඒ වගකීම භාරදෙනවා, ඒ පරීක්ෂණ කමිටුව විසින් කළ යුතු කාර්යයන් මොනවාද, ඒවා හඳුනාගෙන ඒ අපි බලාපොරොත්තු වෙන ඉලක්කගත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්," ජනාධිපතිවරයා පැවසීය.

එම පරීක්ෂණයෙන් කිසියම් වැරදිකරුවන් හඳුනා ගැනෙන්නේ නම් රටේ නීතිය ප්‍රකාර ඔවුන්ට දඬුවම් කිරීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන්

කෙසේ නමුත් යුද අපරාධ චෝදනා විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

"අපි බොහොම පැහැදිලිව කියල තියෙනවනේ අපේ දේශීය යාන්ත්‍රණය ගැන විශ්වාසය තියන්න කියල? අපිට පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඒ අය දරන අදහස් සැලකිල්ලට අරගෙන දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ බීබීසී යේ සරෝජ් පතිරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

"ඒ නිසා මම හිතන්නේ අපිට අවශ්‍ය වන්නේ නැහැ පිටස්තරයන් කවුරුත් මේ පරීක්ෂණ කටයුතු සඳහා. ඒ අයගේ අදහස් ලබාගන්න පුළුවන් අපේ කටයුතුවලට වඩාත් ඵලදායී ලෙස ඉෂ්ඨ කිරීම සඳහා."

රැඳවුම් භාරයේ සිටි ජෙයකුමාරි බාලේන්ද්‍රන් ඇප පිට නිදහස් වුවත්, තවත් සිය ගණනක එල්ටීටීඊ සැකකරුවන් පිරිසක් තවමත් නඩු නොපවරා අත්අඩංගුවේ රඳවාගෙන සිටින්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ ඔවුන් නඩු පැවරිය හැකිද, නොඑසේනම් නිදහස් කළ හැකිද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන මෙන් තමන් ජාතික ආරක්ෂක මණ්ඩලයට තමන් උපදෙස් දී ඇති බවයි.

සිය ආණ්ඩුව බලයට පත්වී තවමත් ගත වී තිබෙන්නේ මාස දෙකක කාලයක් පමණක් බව අමතක නොකළ යුතු බවත් ඔහු කියා සිටියේය.

ඩේවිඩ් කැමරන්

එම උපදෙස් ප්‍රකාර නිදහස් කෙරෙන එල්ටීටීඊ සැකකරුවන්ට ශ්‍රී ලංකාවේ අනෙක් සියලුම පුරවැසියන්ට හා සමානව නිදහසේ දිවි ගෙවීමේ අවකාශය හිමි වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය සංචාරයේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, විපක්ෂනායක එඩ් මිලිබෑන්ඩ් ඇතුළු බ්‍රිතාන්‍ය නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වූ අතර, දෙවැනි එලිසබෙත් රැජින සමඟ දිවා භෝජනයකටද සහභාගි විය.

ශ්‍රී ලංකාවේ යුද සමය, පශ්චාත් යුද සමය සහ වර්තමාන වාතාවරණය පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැතිවරයාට පුළුල් අවබෝධයක් තිබෙන බව ඔහු හමු වූ අවස්ථාවේ තමන්ට වැටහුන බවයි, ජනාධිපතිවරයා කියා සිටියේ.

"අලුතෙන් හිතල, අලුතෙන් සැලසුම් කරලා මේ යන ගමනේදී බ්‍රිතාන්‍ය අගමැතිතුමාත් එක්ක කරන ලද සාකච්ඡාව ඉතාම ප්‍රතිඵලදායකයි," ඔහු සඳහන් කළේය.

"යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ නැවත ගොඩ නැගීම, ඒ වගේම ශ්‍රී ලංකාව තුල සිටින සියලු ජාතීන් අතර සමගිය, සංහිඳියාව, සහජීවනය. ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙන්නේ එම කාරණා සම්බන්ධයෙන්,"

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පමණක් නොව ව්‍යවස්ථා සංශෝධන ඇතුළු ඕනෑම කරුණක් සම්බන්ධයෙන් රටතුල විවෘත සංවාදයකට අවස්ථාව තිබිය යුතුය යන්න සිය විශ්වාසය බවයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

කෙසේ නමුත් 'නෝ ෆයර් සෝන්' චිත්‍රපටය මගින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට එල්ල වන චෝදනා තමන් පිළිනොගන්නා බවයි, ඔහු පවසන්නේ.

එම චිත්‍රපටය සඳහා තොරතුරු ලබාගත්තේ කෙසේද යන්න තමන්ට ප්‍රශනයක් බව පවසන ජනාධිපතිවරයා තමන් තවමත් චිත්‍රපටය නරඹා නොමැති බවත් එය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර දෙන්නේද යන්න සම්බන්ධයෙන් කිසිවක් පැවසීමසිදු කළ හැක්කේ ඉන් පසුව බවත් ඔහු පවසයි.

 

 

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us