ගුවන් යානාය ගැන අහන්න යෝෂිතව අද CID ට කැඳවලා

Published in පුවත්
Wednesday, 04 March 2015 10:16

හිටපු ජානාධිපති පුත් නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාව අද (04) කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි වාර්තා වේ.

නාවික හමුදා‍පතිවරයා මගින් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට මේ බව දැනුම් දී ඇති අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී සැහැල්ලු ගුවන් යානයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙසේ කැඳවා තිබේ.

තමාට අයත් මෙම සැහැල්ලු ගුවන් යානය කලකට ඉහතදී ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉල්ලා ගත් බවට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ වන්ද්‍රන් රත්නම් මහතා පොලීසියට ලබාදුන් ප්‍රකාශයක් අනුව මෙම ප්‍රශ්න කිරීම සිදුවන බවත් වාර්තා වේ.

මෙම ගුවන් යානය එම ගබඩාවේ සඟවා තිබියදී පසුගිය ජනවාරි 14වනදා කිසියම් පිරිසක් විසින් රැගෙනයාමට පැමිණ සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට එක්වීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි පවසමික් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර එහි පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු වාර්තාවක් නැත. එමෙන්ම ජනප්‍රිය රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන්ද ඔහුගේ නම කියැවෙමින් තිබේ.

lankatruth

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us