වැලිකඩ සංහාරය ඇසින් දු‍ටු නන්දිමාල් CIDයට කටඋත්තර බඳී

Published in පුවත්
Wednesday, 04 March 2015 10:27

වර්ෂ 2012 නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් 27 දෙනෙකු රජයේ ආරක්ෂක අංශ විසින් අමානුෂික ආකාරයෙන් ඝාතනය කරන ආකාරය සියැසින් දුටු සාක්ෂිකරුවකු වූ සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පසුගිය කාලය පුරා ගෝ රයිට් මානව හිමිකම් සංවිධානය සමග එක්ව වරදකරුවන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලා සිටිනු ලැබීය. තමන් දුටු මිනීමැරුම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ඔහු වහාම අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලා සිටිනු ලැබීය.

ඒ අනුව ඊයේ (03) දිනයේ ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් ලබා දෙන්න යැයි දන්වනු ලැබීය. පැය හතකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට සිය කටඋත්තරය ලබා දුන් සුදේශ් නන්දිමාල් මෙකී මනුෂ්‍ය ඝාතනයන්ට වගකිව යුතු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ සුදේශ් නන්දිමාල් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට අමතර පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ නෙත් එෆ්.එම් නාලිකාවෙන් සහ දිවයින පුවත්පතෙන් තමන් සිංහල කොටියෙකු බවත්, ඩයස්පෝරාවෙන් මුදල් ලබාගන්නා බවත්, යුධ ජයග්‍රහණය ආපස්සට හරවන්නට හදන ජාති ද්‍රෝහියෙකු බවත්, වැනි අකාරයෙන් අපහාස කරමින් මහාධිකරණයේ වසර අටක නඩු විභාගයකින් අනතුරුව නිදහස ලැබූ තමන්ගේ ජීවිතයට හානිදායක වන අකාරයෙන් චෝදනා නගන බවත්, විශේෂයෙන්ම මෙකී මාධ්‍ය ආයතන මගින් තමන්ව මරාදමන්න යැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ජනතාවගේ වෛරය ඇවිස්සෙන අකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන බවත් මේ නිසා තමන්ගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවත් දන්වා සිටිනු ලැබීය.

මේ සම්බන්ධයෙන් හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස එම නිළධාරීන් විසින් සුදේශ් නන්දිමාල්ට දන්වා සිටි අතර වහාම ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණක් අපාරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් ආරම්භ කරන බවත් මේ ආකාරයෙන් තර්ජනය කරන මාධ්‍ය ආයතනවල මාධ්‍යෙවිදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට කැදවා නීතිය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බවත් ආපාරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ ඉහළ නිළධාරියෙකු ඔහුට පොරොන්දු වී ඇත.

මේ ආකාරයෙන් අපරාධයක් හෙළි කරන්නට ස්වේඡ්චාවෙන් ඉදිරිපත් වූ සාක්ෂිකරුවකු ගේ ජීවිතයට ප්‍රසිද්ධියේ තර්ජනය කරන මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් වහාම දැඩි පියවර ගන්නා බව අගමැතිවරයා විසින්ද පසුගිය දිනක ප්‍රකාශ කරනු ලැබීය. ඊට අමතරව පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් රාශියක්ද මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කතා කරන්නට තමන් බලාපොරොත්තු වන බවත් අප සමග ප්‍රකාශ කර ඇත. අති පූජ්‍ය මහා සංඝරත්නය ඇතුලු පූජකතුමන්ලාද මේ අකාරයෙන් සාක්ෂිකරුවන්ගේ ජීවිත වලට බලපෑම් කරන සදාචාර විරෝධී මාධ්‍ය ආයතන වලට තම අප්‍රසාදය ප්‍රකාශ කරන අතරම එවන් ආයතන වල ක්‍රියාකලාපය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව අප සමග පැවසීය.

මෙකී නෙත් නාලිකාව සහ දිවයින පුවත්පත ජාතිවාදය යළි අවුලාලමින් ජන ජීවිතයට අහිතකර අකාරයෙන් කටයුතු කිරීමේ සැබෑ වුවමනාව කුමක් ද යන්න අපට වටහා ගත නොහැකි නිසා වහාම මේ ආයතන වල අභ්‍යත්තර සැගවුණු සැබෑ අවශ්‍යතාවයන් පිළිබදව සොයා බලා අප සංවිධානය සමග සම්බන්ධ වී සිටින සාක්ෂිකරුවන් ගේ ආරක්ෂාව තහවුරු කරන්න යැයි අප ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්,අභ්‍යන්තර කටයුතු ඇමතිවරයාගෙන් මෙන්ම පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලා සිටිනු ලැබීය.

තවද අද දිනයේ මේ ආයතන විසින් කරනු ලබන අසාධාරණයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවා ගන්නට අප විසින් ඉදිරිපත් කළ පැමිණිලි ( බම්බලපිටිය පොලිස්ථානයට සහ කොටහේන පොලිස්ථානයට) විභාග නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වෙනම ලිඛිත පැමිණිල්ලක්ද අප විසින් ඉදිරිපත් කරනු ලැබීය.

අප සංවිධානයට සහ එහි සාක්ෂිකරුවකු වන සුදේශ් නන්දිමාල්ට අවශ්‍ය වන්නේ මනුෂ්‍ය ඉතිහාසයටම බලපාන ඉතා කෘෘර මනුෂ්‍ය ඝාතනයන් සිදුකළ වරදකරුවන්ට දඩුවම් ලබා දී යුක්තිය සහ සාධාරණය ඉෂ්ඨ කිරීම පමණක් වන අතර ඉන් ඔබ්බෙහි වූ කිසිදු සැගවුණු න්‍යාය පත්‍රයක් අපසතුව නොමැති බව පැහැදිලිවම ප්‍රකාශ කරන්නෙමු. දේශපාලන සම්බන්ධයෙන් සවිඥාණක අප ෂර්ලොක් හෝම්ස්ලා නොවන අතර ෂර්ලොක් හෝම්ස්ලාගේ රාත්‍රි ජීවිතය සහ සමාජ සම්බන්ධකම් ජාලය තුල හැසිරෙන ආකාර ගැන අප මොසාඩ් චරපුරුෂ සේවය තරම් සවිඥාණක වන අතර දිගන් දිගටම අපට මඩ ගසන උදවියට අනාගතයේ අප දන්නා තොරතුරු හෙළි දක්වනතුරු බලා සිටින්න යැයි වාමාංශික දේශපාලනය විශ්වාස කරන අප ඉල්ලා සිටිමු.

-ගෝ රයිට් සාමුහිකය-

සිංහල කොටි සහ ජඩ මාධ්‍ය

දිවයින, සමන් ගමගේ අත්අඩංගුවට ගන්න - පොලීසියට පැමිණිල්ලක්

නෙත් FM සමග කිසිදු සමතයක් නැහැ- ප්‍රශ්ණය අධිකරණයෙන් බේරා ගමු! ගෝ රයිට්

උදුල් ප්‍රේමරත්නට නෙත් FM අධිපතිගෙන් පිළිතුරු

නෙත් FM නිවේදක චණ්ඩි සැඟවෙන්නෙ ඇයි ? -GO RIGHTS COLLECTIVE-

නෙත් FM නාලිකාවට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

නෙත් FM ජඩමාධ්‍ය කෙරුවාවට උදුල්ගෙන් උත්තරක් (VIDEO)

Last modified on Wednesday, 04 March 2015 14:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us