තහනමට පෙර ෆුල්ෆේස් හොරු අත්තිඩියේ බැංකුවක් කොල්ල කයි

Published in පුවත්
Wednesday, 04 March 2015 08:24

මුහුණු ආවරණ හිස් වැසුම් හා කළු පැහැති ජැකට් පැලඳ ආයුධ සන්නද්ධව කඩා වැදී කොල්ලකරුවන් දෙදෙනකු දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් කොල්ලකා ඊයේ (03) පලා ගොස් තිබේ.

මෙම කොල්කරුවන් එහි සිටි ආරක්ෂක නිලධාරියකුටද පහරදී ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇත.

ඊයේ පස්වරුවේ මෙම කොල්ලය සිදුවූ අතර යතුරුපැදියකින් පැමිණි මෙම කොල්ලකරුවන් දෙදෙනා මුදල් කවුන්ටරය අසලට ගොස් එහි සේවකයින් බිය ගන්වා තිබේ.

බැංකුව තුළ සිටි ආරක්ෂක නිලධාරියා මෙය දැන පසුව එහි දොර වසා ඇති අතර එහිදී කොල්ලකරුවන් එම ආරක්ෂක නිලධාරියාට පහරදී එම වීදුරු දොරට ද වෙඩි තබා කුඩු කර පලා ගොස් තිබූ බවද ‍පොලිසිය පවසයි.

ටී 56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවද ‍පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

කොල්ලකරුවන් වෙඩි ප්‍රහාර තුනක් තැබූ බවද සේවකයින් ‍පොලිසියට පවසා ඇත.

මෙම කොල්ලය බැංකුවේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වී ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ කටයුතු ගල්කිස්ස මූලස්ථාන ‍පොලිසිය පවත්වනු ලබයි.

ගල්කිස්ස ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ සහ සහකාර ‍පොලිස් අධිකාරි සිසිර පෙත්තනන්ත්‍රි යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක එරික් රෝහිත මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකරයි.

 

rivira

Last modified on Wednesday, 04 March 2015 08:27

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us