ශ‍්‍රී ලංකාවට ඕනෑම අාධාරයක් දෙන්න අපි සූදානම්-ඩේවිඩ් කැමරන්(photo)

Published in පුවත්
Wednesday, 11 March 2015 14:32

ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා ක‍්‍රියාත්මක වැඩපිළිවෙළේ දී අවශ්‍ය ඕනෑම ක්ෂේත‍්‍රයක ආධාර ශ‍්‍රී ලංකාව වෙත නොපැකිලිව ලබාදීමට මහා බි‍්‍රතාන්‍ය සූදානම් බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පැවසීය. 

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය නිල නිවසේ දී ඊයේ (10) පස්වරුවේ ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමන් සමඟ පැවති නිල හමුවේ දී බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

උතුරු නැගෙනහිර ජනතාව ඇතුළු සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක‍්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා විසින් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළ අතර උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබාදීමටත් ජාතීන් අතර සහජීවනය සහ සංහිඳියාව ගොඩනැගීම උදෙසා ප‍්‍රතිසන්ධාන කාර්ය බලකායක් පිහිටුවීම පිළිබඳවත් මෙහිදී කරුණු සඳහන් කළේය.

මෙම කාර්ය බලකායේ වාර්තාව ලබන ජූලි මස වන විට ලබාගැනීමට නියමිත බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිතුමා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයෙන් ලද විශිෂ්ට ජයග‍්‍රහණය සමඟින් ශ‍්‍රී ලංකාව නව මාවතක් ඔස්සේ ගමන් ගැනීම පිළිබඳ ව සිය ප‍්‍රශංසාව පළ කළ කැමරන් අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙළ යටතේ උතුරු නැගෙනහිර පළාත්වල මේ වනවිට නිර්මාණය වෙමින් පවතින යහපත් තත්ත්වය පිළිබඳ ව තමන් සතුටු වන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

‘‘ශ‍්‍රී ලංකාව තුළ දූෂණය තුරන් කිරීම සහ ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම මෙන්ම, ජාතීන් අතර එකමුතුකම ඇති කිරීමේ උත්සාහයට පුළුල් ලෙස සහය දෙන්න අප සූදානම්. මම බෙහෙවින්ම විශ්වාස කරනවා ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සහ සහජීවනය ඇතිකොට ඉදිරි ගමනක් යාමට ශ‍්‍රී ලංකා රජය කැපවී තිබෙන බව. 30 වසරක යුද්ධයෙන් පසු ශ‍්‍රී ලාංකිකයන්ට අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමට මෙය කදිම අවස්ථාවක්. ශ‍්‍රී ලංකාව කියන්නේ මෙම වෙනස්කම සිදුකිරීමට හැකියාවක් පවතින රටක් ලෙසයි මගේ විශ්වාසය. ඒ නිසා, බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු ලෙස ඒ හැමදේටම සහය ලබාදෙන්න සූදානම්. ’’

10363893 10153079040541327 8807893385610584458 n

11034912 10153079041031327 4728328204416362259 n

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us