News Items (18842)
විවාහයක් කියන්නේ දෙදෙනෙකු අතර වන ආදරය මල් ඵල දැරීමක්. දෙදෙනෙකුගේ බැඳීමකට කිසිදෙයක් බාධාවක් වෙන්නේ නෑ.
මොහාන් රාජ් මඩවලගේ අලූත්ම නවකතාව වන ‘ආදරණීය වික්ටෝරියා’ පිළිබඳව සංවාදශීලී සාකච්ඡාවක් මාර්තු 26 වන බ‍්‍රහස්පතින්දා හවස 4.30 ට කොළඹ විශ්ව විද්‍යාලයීය ශ‍්‍රීපාලි මණ්ඩපයේ ‘අරුන්දතී’ ශාලාවේදී පැවැත්වේ.
කියන්න ලැජ්ජයි හිතලා, හිංසාව විඳවන්න එපා- නීතිඥ ලක්ෂ්මි සූරිගේ
මලක් නම් එය සුපුෂ්පිත විය යුතු ය. විලක් නම් එය සියපතින් සුන්දර වූ විලක් ම විය යුතු ය. ඇය මලකි. ඇය විලකි. සමස්ත සමාජයට ම සුවඳ විහිදුවන, මඩ වළක් වුව විලක් කළ හැකි ඇය, දියණියකි. බිරියකි. මවකි. අප ඇය ආරක්ෂා කළ යුතු ය.
බ‍්‍රසීල ජනපති ඩිල්මා රූසෙෆ්ට එරෙහිව එරට ප්‍රධාන නගර වලට රැස් වූ දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විරෝධතා දක්වමින් සිටියි. සටන් පාඨ කියමින් පා ගමන්වල යෙදී සිටින මෙම උද්ඝෝෂකයන් කියා සිටින්නේ දෝෂාභියෝගයක් මගින් ඇය ජනපති ධුරයෙන් නෙරපා හැරිය යුතු බවයි.
සිවිල් ජනතාව ඡන්ද නීති ගැන උනන්දුවක් නැහැ -මැතිවරණ කොමසාරිස්
මැතිවරණයකදී තරග කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතිය ප්‍රථමවරට කලඑළි බසින්නේ 2012 වසරේදීය. ඒ එම වසරේදී පැවැත්වූ පළාත් සභා ඡන්දය අරමුණු කර ගනිමිනි.
ශ්‍රී ලාංකික හතරකගේ ඩොලර් බිලියන 1935 ක විදෙස් ගිණුම් තොරතුරු හෙළිවේ
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී අයථා ලෙස උපයා ගත් යැයි සැකකරන ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකු සතු ඩොලර් බිලියන එක් දහස් නවසිය තිස් පහකට ආසන්න මුදලක් මෙතෙක් තැන්පත් කර තිබූ ඩුබායි බැංකුවෙන් හිටි හැටියේම බහමාස් බැංකුවකට මාරු කර ඇති බවට තොරතුරු රජය වෙත වාර්තා වී තිබේ.
ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතා ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම පිළිබඳ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත මත ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම ගැන ජාතික විධායක සභාවේ දී සාකච්ඡා කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (15දා) තහවුරු කළේය.
මෛත්‍රීගේ නායකත්වය පිළිගෙන බුලත් කොළයෙන් එන්නැයි විමල්ට ආරාධනා
ඉදිරි මහ මැතිවරණයේදී බුලත් කොළය යටතේ තරග කිරීමට ද ඒ සඳහා එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ද මහාචාර්ය තිස්‌ස විතාරණ, ඩියු ගුණසේකර සහ විමල් වීරවංශ යන මහත්වරුන් නායකත්වය දරන පක්‍ෂවලට ආරාධනා කිරීමට ද එජනිස පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.මෙම පක්ෂ නියෝජිතයන් එජනිසය යටතේ තරගකරනු ලැබුවද එම සංධානයේ හවුල් කරුවෝ නොවීය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස තම බිරියගේ සහෝදරයකු පත්කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැති රවී කරුණානායකට දැඩි විරෝධයක් එම සංස්ථාවේම ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරින් පිරිසක් පළ කැර තිබේ.
ජනාධිපති බලතල අවම කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ(15) සවස පැවැත්වූ විශේෂ කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාදී අදාළ ගැසට් පත්‍රය මධ්‍යම රාත්‍රියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබේ.
