සිවිල් ජනතාව ඡන්ද නීති ගැන උනන්දුවක් නැහැ -මැතිවරණ කොමසාරිස්

Monday, 16 March 2015 10:37

මැතිවරණයකදී තරග කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතිය ප්‍රථමවරට කලඑළි බසින්නේ 2012 වසරේදීය. ඒ එම වසරේදී පැවැත්වූ පළාත් සභා ඡන්දය අරමුණු කර ගනිමිනි.

දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් මෙන්ම ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන්ට ද අදාළ වන සේ මේ ආචාරධර්ම පද්ධතිය නිකුත් කරනු ලැබිණි. 2015 වසරේ දෙසැම්බරයේදී ද මේ ආචාර ධර්ම පද්ධතිය යළි නිකුත් කෙරිණි. එහිදී එම ආචාර ධර්ම පක්ෂ හා අපේක්ෂකයන්ට සීමා නොවී ඡන්ද පොළ නියෝජිතයන්ට, පක්ෂ නායකයන්ට හා ලේකම්වරුන්ට, පක්ෂ ක්‍රියාකාරීන්ට මෙන්ම අපේක්ෂකයන් ගේ ආධාරකරුවන්ට ද අදාළ බව ප්‍රකාශ විය. එහිම දිගුවක් ලෙස පසුගිය දිනක මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ මෙකී ආචාර ධර්ම පද්ධතිය නීතිගත කිරීමට හැකි නම් මැනවයි යන්න ය. නීතිය අධිකරණය ගැන මෙන්ම මැතිවරණ ගැනද ජනතා විශ්වාසය ශූන්‍ය වී ඇති මොහොතක ඡන්දයේ වලංගුභාවය ගැන යළි විශ්වාසය තහවුරු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාගේ ඒ ප්‍රකාශය හේතු විය. මේ නව යෝජනාව සම්බන්ධයෙන් ඔහු සමඟ කළ සාකච්ඡාවකි මේ.

* අපේක්ෂකයන්ට හා දේශපාලන පක්ෂවලට අදාළ ආචාරධර්ම පද්ධතිය නීතිගත කළ යුතු බවට පසුගියදා ඔබ අදහස් පළ කර තිබුණා. මෙහි අරමුණ කුමක්ද?
දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් මැතිවරණයකදී අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් මේ වන විටත් තිබෙනවා. ඉන්දියාවේ නම් මැතිවරණ කොමිසම් සභාවේ ආචාරධර්ම පද්ධතිය පිළිගැනීමට එරට පක්ෂ හා අපේක්ෂකයන් බැඳිලා ඉන්නවා. එවැනි තත්ත්වයක් ලංකාවේත් ඇතිවීම කාලෝචිතයි.

* මේ ආචාරධර්ම පද්ධතිය ගැන දේශපාලන පක්ෂ දැනුම්වත්ද?
සියලුම දේශපාලන පක්ෂවලට, නිරීක්ෂණ සංවිධානවලට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යවා තිබෙනවා.

* මැතිවරණ කොමසාරිස් කාර්යාලය මේ ආචාරධර්ම පද්ධතිය යාවත්කාලීන කිරීම පිළිබඳ අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කළා ද?
මැතිවරණ පැමිණිලි විමර්ශනය සඳහා වූ ස්ථාවර කමිටුව, දේශපාලන පක්ෂ ලේකම්වරුන්, ක්‍රියාකාරී දේශපාලන පක්ෂ විසින් පත් කරනු ලැබූ නිත්‍ය නියේජිතයන්, සිවිල් සංවිධානවල විධායක අධ්‍යක්ෂවරු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මැතිවරණ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීති යනාදී වශයෙන් සියලුම පාර්ශවයන් සමඟ අප සාකච්ඡා කළා.

මෙහිදී ජාතික කොඩිය, ජාතික ගීය, ආගමික සංකේත මෙන්ම රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත නොහැකිය යන්න විශේෂයෙන් අවධානයට ලක්වූවා.

* පසුගිය ජනපතිවරණයේදී ජාතික ගීය පවා ඡන්ද ප්‍රචාරක කටයුතුවල යොදා ගැනුණා. මේ ගැන ඔබේ අදහස?
ජාතික ගීය වැනි දෙයක් ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදා ගනීවි යැයි අප විශ්වාස කළේ නෑ. පසුගිය ඡන්දයේදී එවැන්නක් සිදුවීම කනගාටුවට කරුණක්.

මෙහිදී වඩාම කනගාටුදායක දේ වන්නේ අපේක්ෂකයා නොදැනුවත්ව මේ දේවල් සිදුවීමයි. ඇතැම්විට දේශපාලන වෙළෙන්දන් ඒ කිව්වේ දැන්වීම්කරුවන් මේ දේවල් ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නවා. අවසානයේදී වගකියන්න වෙන්නේ අපේක්ෂකයාටයි.

* ජනපති අපේක්ෂකයෙක් තමන් නොදැන ප්‍රචාරක කටයුතු කරනවා යැයි ඔබ සිතනවාද?
මෙහෙමයි. තරහකරුවකු එවැන්නක් කළොත් අපේක්ෂකයා ඒ ගැන දන්නෙම නෑනේ. හැබැයි දැනගත්ත ගමන් ඒ පිළිබඳ අදාළ ආයතනවලට දැනුම් දෙන්න ඕනෙ.; පැමිණිලි කරන්න ඕනෙ.

* ඉන්දියාවේ මැතිවරණ කොමිසම ගැන ඔබ මොකද හිතන්නේ?
ඉන්දියාවේ ආණ්ඩුව විසුරුවා ඇති අවස්ථාවක ඇමැතිවරයකුට නිල වාහනය පවා පාවිච්චි කළ හැකි වන්නේ නිල කටයුත්තකට පමණයි. අපේ රටේ නම් ඇමැති නොවේ ඇමැතිවරුන්ගේ සම්බන්ධීකරණ ‍ නිලධාරීන් පවා නිල වාහන භාවිතා කරනවා. ඒ නිසා මේ මැතිවරණ නීති සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් හෝ ස්වාධීන කොමිෂන් සභාව ශක්තිමත් කරන්න ඕනෙ. 17 වැනි සංශෝධනය හරහා හෝ ඒ බලය ලැබිය යුතුයි.

දැනට තිබෙන නීති රීති හා බලතල වුවත් ප්‍රමාණවත් අදාළ අංශවල සහාය ලැබේ නම්, ඒත් මැතිවරණවලදී පවතින නීතිවලට වැඩි දෙනෙක් අනුගත නොවන නිසා මේ නීති ගෙන ඒමේ කාලීන අවශ්‍යතාවක් තියෙනවා.

* ඔබ පවසන්නේ දැනට වඩා වැඩි බලයක් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදිය යුතු බවද?
මැතිවරණ කොමිෂන් සභාවට අර්ධ අධිකරණ බලයක් තිබෙන බවට අදහසක් තිබෙනවා. එය හරියට නීතියේ උල්පතක් වගේ. ඒ නීති බොහෝ දුරට දේශපාලන පක්ෂ හා අධිකරණය අනුමත කරනවා.

මෑත යුගයේ ඉන්දියාව වැදගත් කරුණු තුනක් ගැන ප්‍රචලිතයි. ඉන් පළමුවැන්න මහත්මා ගාන්ධි, දෙවැන්න ටජ් මහල. තුන්වැන්න වනුයේ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාදාමයයි.

* ලංකාවට හැකිවේවිද එවැනි අභියෝගයක් බාර ගන්න?
මහජනතාවට තමන්ගෙ ඡන්දය ගැන විශ්වාසයක් තිබුණෙ නෑ. ඒත් ජනපතිවරණයේදී ඒ විශ්වාසය නැවත තහවුරු කිරීමට අපට හැකි වුණා. එය අඛණ්ඩව පවත්වා ගැනීමට 17 වැනි සංශෝධනයට තිබූ බලයටත් වැඩි බලයකින් මැතිවරණ කොමිසම ශක්තිමත් කරන්න ඕනෑ.

එහෙත් මෙහිදී නීතියටත් වඩා වැදගත් වන්නේ සම්මුතියයි.

* මේ සම්මුතිය විනාශ වී යාමට වර්තමාන දේශපාලනඥයන්ගේ අධ්‍යාපනය හා බුද්ධි මට්ටමත් හේතුවක් නොවේද?
එය විවාදාත්මක කරුණක්. කොහොම නමුත් එකී කාරණාව සියල්ලන්ටම පොදු, සාධාරණ වන්නේ නෑ. මොකද අතීතයේදී උපාධි නැති පුහුණු ගුරුවරුන් පමණක් නොවේ. කම්කරුවන්ව සිටි පුද්ගලයන් පවා පසුකාලීන දේශපාලකයන් වී රටට යම් වැඩ කොටසක් ඉටු කළා. බිම් මට්ටමෙන් දක්ෂ දේශපාලකයන් බිහිවුණා. ඒ නිසා උගත්කම ගැන මම දැඩි මතයක නෑ.

ජනතාව ඒ ගැන යම් ඉල්ලීම් කරනවා. එහෙත් එය ඉටුකර ගත යුත්තේ ව්‍යවස්ථාදායකය හරහා.

* ඔබ පැවසුවා 17 වැනි සංශෝධනයටත් වඩා බලතල මැතිවරණ කොමිසමට අවශ්‍ය බව‍. ඉන් පැහැදිලි වන්නේ දේශපාලන අපේක්ෂකයන් එකී සම්මුතියේ නැති බවයි.
ලෝකයේ කතාවක් තියෙනවා ආසියානු රටවල ප්‍රබලම පුද්ගලයා හමුදාපතිවරයා කියලා. මොකද පකිස්තානය, මියන්මාරය වැනි රටවල නිතරම හමුදා පාලන බිහිවෙනවා. එහෙත් ඉන්දියාවේ බලගතුම සිවිල් නිලධාරියා මැතිවරණ කොමසාරිස්වරයායි.

වරක් ඉන්දියාවේ මැතිවරණයක් ආසන්නයේ දී ජලාශයක දියවර නිකුත් කිරීමක් යෙදී තිබුණා. ඒත් මැතිවරණ කොමසාරිස්වරයා එය නවතා දැමුවා.

18 වැනි සං‍ශෝධනයට පෙර තිබූ 17 වැනි සාං‍ශෝධනයෙන් යම් දුරකට අපට බලය තිබුණා. අපි ඒ බලය ක්‍රියාත්මක කළා. මෙතැන සිදු වී තිබෙන්නේ බලය තිබුණත් යාන්ත්‍රණයක් නැතිවීමයි. ඒ නිසා මැතිවරණ නිලධාරීන්ට අපේම යාන්ත්‍රණයක් හරහා ක්‍රියාත්මකවීමට හැකිවිය යුතුයි.

* මේ ආචාරධර්ම පද්ධතිය නීතිගත කිරීමට නැති නම් පවතින නීති යටතේ ක්‍රියාත්මක කිරීමට තිබෙන ප්‍රධාන බාධා මොනවාද?
සිවිල් ජනතාව ඡන්ද නීති ගැන උනන්දුවක් නොදැක්වීම තමයි ප්‍රධාන බාධාව. අපේක්ෂකයන් හා පක්ෂ ඇතුළු ක්‍රියාකාරීන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ගැන ජනතාවට ඇත්තේ අල්ප උනන්දුවක්.

මැතිවරණ සමයේ නීති කැඩීම් ගැන පැමිණිලි කරන නිරීක්ෂණ සංවිධාන, දේශපාලකයන් පවා මැතිවරණයෙන් පසු ඒ ගැන දක්වන්නේ මන්දෝත්සාහී ස්වභාවයක්. ඒ නිසා ඒ ගැන කැපවීමෙන් කටයුතු කිරීම අසීරු වී තිබෙනවා.

අතීතයේ දී ජනතාවගේ මැදිහත්වීමෙන් තමයි යම් නීති රීති පනවා ගැනීමට හැකි වුණේ. 1959 මැතිවරණ කොමසාරිස්වරයාව සිටි ඩයස් අබේසිංහ මහතා තමයි ජාතික හැඳුනුම්පත් අනිවාර්ය කිරීමේ යෝජනාව මුල්වරට ඉදිරිපත් කළේ. එය නීතිගත කිරීමට හැකි වූයේ පැෆරල් සංවිධානය අධිකරණයට ගිය නිසයි. CA (writ) 176 / 2006 හා CA (writ) 356 / 2008 යන අංක දරන නඩු වාර්තාව අනුව තමයි එය නීතියක් වුණේ. ඡන්ද කලබල නිසා ඡන්ද ශූන්‍ය කිරීමේ හැකියාව ලැබුණෙත් ඒ විදියට. ජයන්ත අධිකාරි පාගොඩවෙල ඇතුළු හතර දෙනෙකු (Sc / FR/412/99 නඩු වාර්තාව) හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අර්ජුන පරාක්‍රම මහතා (SC/FR/640/2000) අධිකරණයට ගිය නිසා ඒ බලය ලබා ගැනීමට හැකි වුණා.

ඒ නිසා ජනතාවගේ උනන්දුව අනුව තමයි මේ නීති ක්‍රියාවට නැඟිය හැකි වන්නේ.

* ඒ කියන්නේ දේශපාලකයන්ට මේ ආචාර ධර්ම ගැන කිසිම උනන්දුවක් නෑ.?
උනන්දුවක් තිබෙනවා. ඒත් ඒක ප්‍රමාණවත් නෑ. මැතිවරණ නීති ශක්තිමත් කිරීමට තිබෙන උනන්දුව මදි. විශේෂයෙන් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම, විධායකය අහෝසි කිරීම, මැතිවරණ කොමිෂන් සභාව ශක්තිමත් කිරීම වැනි කාරණා ගැන දේශපාලනඥයන්ගේ උනන්දුව මදි.

* දේශපාලනඥයන්ගේ හැසිරීම එබඳු නම් ආචාරධර්ම පද්ධතිය නීතිගත කිරීම අසීරු වේවි?
නීතිගත නොකළත් ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ තියෙන නීතිරීතිවලට එකඟ වෙලා සහය දෙනවා නම්. එකඟ වුණොත් ඒ හොඳටම ප්‍රමාණවත්. හැබැයි ඊළඟට නීති ගේන්න ඕනෙ එකඟ නොවන අයට ගන්නා ක්‍රියාමාර්ග ගැනයි. ඒ සඳහාත් අපි නීති යෝජනා කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

* ඉදිරි මහ මැතිවරණ පැවැත්වීම නව මැතිවරණ ක්‍රමය යටතේ ද සිදුවන්නේ?
නව මැතිවරණ ක්‍රමයට අනුව තමයි කරන්න ඕනෑ. ඒත් එය මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යයක් නොවේ. මට හැකියාව තියෙන්නේ මැතිවරණ කොමසාරිස් ලෙස ආණ්ඩුවට යම් කරුණු දැක්වීමක් කිරීමට පමණයි.

* යෝජිත නව ඡන්ද ක්‍රමය ගැන ඔබේ පෞද්ගලික මතය කෙබඳුද?
මට ඒ ගැන පෞද්ගලික මතයක් තිබෙනවා. ඒත් මැතිවරණ කොමසාරිස් හැටියට ඒ ගැන ප්‍රකාශ කිරීමට මට බලයක් නෑ.

* ළඟකදී මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදෙන බව පේනවා. මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඊට සූදානම් ද?
ගිනි නිවන හමුදාව ගිනි නිවීමට ඇති සූදානම මැතිවරණ කොමසාරිස් කාර්යාලයටත් තියෙනවා. මැතිවරණ පවත්වන්න කිව්වොත් අපි මැතිවරණ පවත්වනවා. ඒ ගැන ගැටලු නෑ.

සංවාද සටහන
සුමේධා නවරත්න
ඡායාරූප - රුක්මල් ගමගේ

දිනමිණ

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us