News Items (18842)
සුනෙත් මාලිංග ලොකු හේවාගේ නවතම චිත්‍රපටය 'ස්‌පන්දන' චිත්‍රපටයේ මංගල දැක්ම ඊයේ(18) රීගල් සිනමා හලේදී පැවැත්විණි. මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, ශලනි තාරකා,රොෂාන් රණවක, බුවනි චාපා, තිසුරි යුවනිකා, නිමන්ති පෝරගේ, ගිවන්ත අර්ථසාත්, නිල්මිණි කෝට්ටෙගොඩ රංගනයේ දායක වන මෙම චිත්‍රපටය ජගත් එන්. යාපාගේ නිෂ්පාදනයකි. පසුබිම් සංගීතයෙන් උදය ශ්‍රී සහ සංස්කරණයෙන් ශාන් අල්විස්ද සහාය නිෂ්පාදනය මෙන්ම කැමරාකරණයෙන් ප්‍රභාත් රෝෂන්ද දායක වී ඇත.
ඡායාරූප :නිශාන්ත ප‍්‍රියදර්ශන

























ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ගේ පුතු රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය විසඳමින් එම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අතුරුදහන් වූවන් වෙනුවට කුකුලන් සහ එළුවන් දෙන්නම් - අතුරුදහන් වූවන් සොයන කොමිසම කියලා
අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම විසින් අතුරුදහන් වූවන් සොයා දෙනවා වෙනුවට එම මාපියන්ට කුකුලන් සහ එළුවන් ලබා දීමට පොරොන්දු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරම් මහතා පවසයි.
අබාධිත පුදගලයන් සමාජයේ විශේෂ සැලකිල්ලකට යොමු විය යුතු මිනිසුන් කොටසක්. නමුත් මිනිසෙක් ලෙස උපදින අපි හැමෝම අපිට ලැබිල තියෙන දේවල් අනුව ලෝකයට යමක් දෙන්න උත්සාහ කරනවානම් ඒක තමයි මිනිසෙක් ලෙස ජීවත් වීමේ නියම අරුත.
දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරණ ගුණවර්ධන මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(19) මහර බන්ධනාගාරය වෙත පැමිණියේය.
දකුණු අප්‍රිකානු නිදහස් අරගලයේ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරිකයෙකු වන නවසීලන්ත ජාතික මයිකල් ලැප්ස්ලි පියතුමා මෙම මස 21වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. මයිකල් පියතුමා ලෙස අප්‍රිකානු ජනතාව හඳුන්වන එතුමා වර්ණ බේද වාදයට විරුදධව හඬ නැගුවෙකි. නවසීලන්ත ජාතිකයෙකු වන මයිකල් පියතුමා 1973 වසරේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට පැමිණෙන්නේ උපාධි අපේක්ෂකයෙකු ලෙසයි.
මධ්‍යම පංතියේ ( light middleweight class) බොක්ෂිං ලෝක ශූරයකු වන අමරිකානු ජාතික ග්ලේන් ටැපියා පසුගියදා මෙරට සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ සංචාරක හා ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා හමුවිය.
'මාළුවා' හෝ 'බෝට්ටු'ව ලකුණින් ධීවර දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට වයඹ බටහිර වෙරළ තීරයේ ධීවර ගම්මාන රැසක ධීවරයන් තීරණය කර ඇත.
ඊශ්‍රායලයේ පැවති මහා මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුද් පක්‍ෂය පැහැදිලි ජයග්‍රහණයක් ලබා ඇත.
මහින්ද ළඟ තියාගෙන හිටපු ෆයිල් දහස් ගනනක් පොලිසියට බාර දෙයි
පසුගිය පාලන කාලයේ ක්‍රියාත්මක වූ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇති කෝටි ගණනින් මූල්‍ය වංචා සිදුකළ සහ අයථා ලෙස වත්කම් ඉපයූ විවිධ තානාන්තරවල සිටි පුද්ගලයන්ට එරෙහිව ලැබී තිබූ එහෙත් පරීක්ෂණ සිදු නොකර යටගැසූ සහ පරීක්ෂණ සිදුකළ ලිපිගොනු දහස් ගණනක් පොලිස්පතිවරයා වෙතට පත් කිරීමට කටයුතු යොදා තිබේ.
