අතුරුදහන් වූවන් වෙනුවට කුකුලන් සහ එළුවන් දෙන්නම් - අතුරුදහන් වූවන් සොයන කොමිසම කියලා

Published in පුවත්
Thursday, 19 March 2015 13:16

අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසම විසින් අතුරුදහන් වූවන් සොයා දෙනවා වෙනුවට එම මාපියන්ට කුකුලන් සහ එළුවන් ලබා දීමට පොරොන්දු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරම් මහතා පවසයි.

කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි අතුරුදහන් වූවන් ඥාතීන් හා මාපියන් හමුවේ මෙසේ එම කොමිසමේ නිළධාරීන් විසින් පැවැසීමේදී අපට කුකුලන්ගෙන් එළුවන්ගෙන් වැඩක් නැතැයි අපට අපේ දැරුවන් සොයා දෙන්නැයි කන්නලව් කර ඇතැයිද ඔහු පවසයි. ඔහු මේ බව පැවසූවේ 'අපරාධ ක්‍රියාකාරකම්, අවිධිමත් සංග්‍රහය (විශේෂ සැලැස්ම)' පිළිබදව 17 වන දින පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට සහභාගි වෙමිනි.


එය බරපතල කරුණක් වන බවත් එබැවින්, මෙම කොමිසමේ පරීක්‍ෂණ කටයුතු පිළිබදව අපට විශ්වාසයක් නොමැති බවත් ඔහු පවසයි.

මෙවැනි පසුබිමකදී, මෙම කොමිසම පමණක් නොව, එම කොමිසමට උපදෙස් ලබාදීමට පත්කල ඩෙස්මන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර උපදේශන කමිටුව පිළිබදවත් අපට විශ්වාසයක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන බවට ශ්‍රී ලංකාව පිළිබද ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ප්‍රමාද කරන මෙන් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කර, පොරොන්දු වී ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර ප්‍රජාවේ අධීක්‍ෂණය යටතේ නව ක්‍රමවේදයට අනුව අභ්‍යන්තර පරීක්‍ෂණය පැවැත්විය යුතු බවත් එසේ සිදුකළහොත් ගැටළු විසදා, ර‍ට එක්සත් කර ආරක්‍ෂා කිරීමට හැකි බවත් සුමන්දිරන් මහතා පෙන්වා දෙයි.

එසේ නොකර, නව රජය වැරදි මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කලහොත්, මහින්ද රාජපක්‍ෂගේ රජයට සිදුවූ දෙය මෙම රජයටත් සිදුවනු ඇති බවත් එම තත්වය ඇතිවනවාට අප අකමැති බවත් ඔහු අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us