ඔලිම්පික් අහලකට ගියත් දරුවන්ට ජනප්‍රිය පාසල්

Published in පුවත්
Thursday, 19 March 2015 14:41

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ ගේ පුතු රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය විසඳමින් එම දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙහිදී අප පෙන්වා දුන්නේ ඔලිම්පික් තරග නියෝජනයේ දී එහි සුදුසු පරිසාධන මට්ටම් ඉක්මවා සුදුසුකම් ලබන්නන් මෙන්ම වයිල්ඩ් කාඩ් නැතහොත් සහන පදනම මත අවස්ථා ලැබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සිටින බව ය. මෙහිදී අඩුම තරමේ අදාළ සහභාගීත්ව සුදුසුකම සනාථ කර තරගවලට ඉදිරිපත් වීමට වරම් ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා විශාල රටවල් ගණනක ක්‍රීඩක දක්ෂතා අභිබවා යමින් එම සුදුසුකම දිනා ගත යුතු බව අමාත්‍යවරයාට පෙන්වා දුන් අප, අඩුම ගණනේ එවැනි ක්‍රීඩකයකුගේ හෝ ක්‍රීඩිකාවකගේ දරුවකුට හෝ දැරියකට සිය අභිමතය පරිදි ජනප්‍රිය පාසලක් ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව අවධාරණය කළේ ය.

කුමන දේශපාලන මතිමතාන්තර දැරුව ද, දේශපාලනය පදනම් කර ගෙන කිසිවකුගේ හෝ අයිතිය කප්පාදු කිරීම හෝ දක්ෂතා නොසලකා හැරීම සිය රජයේ ප්‍රතිපත්තිය නොවන බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා, මේ රටට හඳුන්වා දෙන නව දේශපාලන සංස්කෘතිය එය බව ද පෙන්වා දුන්නේ ය. එසේම නැවත වරක් අප විසින් කළ ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟා වී ඔලිම්පික් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දූ පුතුනට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැමැත්ත පරිදි ජනප්‍රිය පාසල් ලබා දීමේ යෝජනාව වැදගත්කමක් ඇති යෝජනාවක් ලෙස ඉදිරියේදි සැළකිල්ලට ගන්නා බව ද ප්‍රකාශ කළේ ය.

- colombopost

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us