හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කිරීමේ නිල උත්සවය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද(22)පැවැත්විණි.

ආර්ථික අපහසුතා ඇති අඩු ආදායම්ලාභි ජනතාව නඟා සිටුවිම සඳහා රජයක් ලෙස ඉටුකළ යුතු සෑම කාර්යක්ම ඉටු කිරිමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බ්ලොග් යන වදන බිඳී ආවේ වෙබ්ලොග් යන්නෙනි. 1990 තරම් මෑත කාලයකට අයත් ඉතිහාසයක් ඇති බ්ලොග් ලිවීමට දැන් වයස 25කි. බ්ලොග් යන, අන්තර්ජාලයට මුදා හරින තනි පුද්ගලයකු හෝ කණ්ඩායමක් ලෙස පවත්වාගෙන යන වෙබ් අඩවි වර්ගයක් ලෙස සරලව කිව හැකිය. එමෙන්ම එය වියුණු සටහන් ලෙස සිංහලෙන් වර නැඟිය හැකිය. පුද්ගලික සහ පොදු අදහස්, එදිනෙදා පුවත්, සේයාරූ, වීඩියෝ, ශ්‍රවණ ගොනු මෙන්ම වෙබ් සබැඳි බ්ලොග් අඩවි තුළ ඇතුළත් කළ හැකිය. වර්තමානයේ යුනිකෝඩ් භාවිත කර සිංහලෙන් ලියන බ්ලොග් අඩවි ද රාශියකි.

“ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ තුල කපටි අදහස් ඇත. ඒ හේතුවෙන්, දෙමළ නායකයින් අවධානයෙන් සිටිය යුතුය. සියළු දේ පිළිබදව විශ්වාස නොකර කටයුතු කළ යුතුය” යනුවෙන් විදේශගත එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පොරවේ සංවිධානයක් වන ගෝලීය දෙමළ සංසදයේ නායක එස්. ජේ. ඉම්මානුවෙල් ප්‍රකාශ කර ඇත.

බාලේන්ද්‍රන් විබූසිකාට එරෙහිව ත්‍රස්ත අපරාධ චෝදනාවක් සටහන් කර ඇතයි පවසා ළමා නිවාසයේ සිටින විබූසිකාව නිදහස් කර ඇයගේ මව ජෙයකුමාරි වෙත යවන්නැයි කළ ඉල්ලීම කිලිනොච්චිය අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

"Fast and Furious" කතා මාලාවේ නවතම චිත්‍රපටය අප්‍රේල් මස 07 දා තිරගත වීමට නියමිතව තිබෙනවා.

කොළඹ ලන්දේසි රෝහල ආසන්නයේ ඇති රජයට අයත් ඉඩමක් පෞද්ගලික සමාගමකට අයත් බව පවසමින් එම සමාගම අදාළ ඉඩම වටකොට වැටක් ඉදිකිරීමට සුදානම් වන අවස්ථාවේදී එය නවත්වා තිබේ.

පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ වෙසෙන ජනතාවට ඊයේ(20) සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව උදා උනා.

හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඊයේ(20) රාත්‍රියේදි සිය පෞද්ගලික ආරක්ෂක නිළධාරීන් 5 දෙනෙකු සමඟ රාත්‍රී සමාජ ශාලා කිහිපයක ගැවැසී ඇත.

යේමනයේ, සානා නගරයේ දේවස්ථාන දෙකකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම අයි එස් සටන්කාමීන් බාරගෙන තිබේ.

Connet With Us