News Items (18842)
19 සංශෝධනය අද පාර්ලිමේන්තුවට. ජාතික ආණ්ඩුවේ පළමු රාජකාරිය
අද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
හික්කඩුවේ සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කැර ඇතැයි පොලිසිය කියයි. සභාපතිවරයා රෝහලට ඇතුලත් කිරීමෙන් සුළු මොහොතකට පසු මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
පිළිවෙත් සුරැකි 38 වසරක් - අග්‍රාමාත්‍යවරයාගේ ගේ 66වන උපන් දිනය
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළදී තෙවරක් ( 2015 සිට 2001 – 2004 සහ 1993 – 1994) අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ උගත් බුද්ධිමත් රාජ්‍යතාන්ත්‍රික බවින් විශිෂ්ටත්වයට පත් දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. රටේ අභිවෘද්ධිය හා යහ පාලනය ස්ථාපිත කිරිම වෙනුවෙන් දැක්මක් ඇති දූරදර්ශී නායකයකු වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත කළ හැකිය.
ඇමැතිකම් ලැබුණත් පොලිස් පරීක්‍ෂණ එසේමයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන් වත්මන් රජයට සම්බන්ධ වී ඇමැති තනතුරු ලබා ගත්තත් ඔවුන් කීප දෙනකුට විරුද්ධව පොලිස් දෙපාර්තමේන්තුව ලැබුණු පැමිණිලි අනුව පරීක්‍ෂණ කටයුතු අත් නොහරින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
මොහාන් පීරිස්ට එරෙහි පෙත්සම විභාගයට විනිසුරුවන් 2ක් අකැමැතියි
රජයට රුපියල් මිලියන 619ක බදු මුදලක් අහිමි කළ බවට මොහාන් පීරිස් මහතාට එරෙහිව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම් විභාගයට සහභාගිවීමට තමන් අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියසාත් ඩෙප් මහතා සහ ඊවා වනසුන්දර මහත්මිය ඊයේ (23) ප්‍රකාශ කළහ.
පෝෂණ මල්ලට පුස් ආහාර දැමු සභාපතිට දඩ..ආහාර තොගය විනාශ කරයි
අඹගමුව ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාසයට අයත් නොර්වුඩ් වෙන්චෙර්ස් වතු යායේ ගැබිණි මාතාවන් 130 දෙනෙකුට පාර්භෝජනයට නුසුදුසු තත්වයේ තිබු ආහාර ද්‍රව්‍ය ලබා දීම සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරනු ලැබීය.
සියළු ජන කොටස් අතර සාමය සහ සහජීවනය ගොඩනැංවීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
වසර හතරකට අධික කාලයක් තාවකාලිකව නවතා දමා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අද (23) සිට එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉතාලිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන රටවල ස්ථිර පදිංචිය ලබාතිබෙන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී තිබේ.
ගැහැණියකගේ ලස්සන මනිනුයේ මුහුණේ සුන්දරත්වය තුලින්ද? මෙය අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්.
