සාධාරණ හේතුවක් නොමැතිව වත්කම් හා බැරකම් හෙළි නොකරන රජයේ නිලධාරින්ට හා දේශපාලනඥයන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරීමට ආණ්ඩුව කටයුතු සම්පාදනය කැර ඇත.

ජාතික ගීය දෙමළෙ භාෂාවෙන් ගායනා කිරීමට දී ඇති අවසරය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රි සරත් වීරසේකර මහතා ඊයේ (20)පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාවට පිළිතුරු දෙමින් එජනිස මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා හා වාසුදේව නානයක්කාර මහතා දැඩි පිළිතුරු ලබා දිමට කටයුතු කළහ.

මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද කහදගම බැලීමට වැලිකඩගිය බවත් සඳහන්ව තිබුනි. ඉදිරියේදී මහින්ද රාජපක්ෂට තම ගෝලබාලයින් බැහැදැකීමට දිනකට දිවයින පුරා ඇති බන්ධනාගාර සියල්ලටම යාමට සිදුවේවා යන්න අපේ පැතුමයි.

පසුගිය සතියේ මාධ්‍යවේදීහු පිරිසක් චීනය බලා පිටත් වූහ. ඒ දින දහයකට ආසන්න කාලයක් පුරාවට අධ්‍යාපනික සංචාරයකට සහභාගී වීමට බව පැවසේ. එම මාධ්‍යවේදීන් සඳහා අනුග‍්‍රහය සපයා දී තිබෙන්නේ තොරතුරු සහ මාධ්‍ය අමාත්‍යංශය මගිනි. ඒ සඳහා මාධ්‍යවේදීන් තෝරාගත් ආකාරය පිළිබඳව ගැටලූ සහගත බව ඇතැම් මාධ්‍යවේදීහු පවසති.

උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වීම හා ළිං සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ උද්ගතවීමාදී සිදුවීම් නිසා ආපදාවට ලක්ව සිටින ජනතාවට උමා ඔය ව්‍යාපෘතිය කෙරුණත් නොකෙරුණත් වන්දි ගෙවන බව ජනාධිපතිවරයා පවසයි.

ෆීල්ඩ් මාෂල් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහාතාටත් ලබාදිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමි රජයෙන් ඉල්ලයි.

අස්වැන්න වැඩි කාලයේදී ඒවා වැඩි මිලකට විකුණා ගත නොහැකිව අසරණ වන ගොවි රජවරුන්ට එම අස්වනු ගබඩාකර තබා හොඳ මිලක් සහිත කාලයකදී විකුණා ගැනීමට හැකිවන පරිදි ගුදම් /ගබඩා පහසුකම් සැලසීමේ යෝධ ව්‍යාපෘතිය විවෘත කිරීම අනිද්දා (22) සිදුකෙරේ.

කොරියානු රජයෙන් මෙවර රැකියා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව කොරියානු රජයේ තානාපති චැං වොන් සම් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) විදේශ රැකියා අමාත්‍යශයේ දී ඇමිතිනි තලතා අතුකෝරළ මහත්මිය හමු වු අවස්ථාවේදියි.

බොහෝ විට ඇස්වල පෙනීම අඩු අය අක්ෂි කාච භාවිතා කෙරේ. විද්‍යාඥයන් පිරිසක් විසින් පෙනීම තුන් ගුණයකින් වැඩි කළ හැකි අක්ෂි කාචයක් නිපදවමින් සිටියි.

Connet With Us