ජාතික ගීය දෙමළෙන් ගයන්න විරුද්ධ වූ සරත් වීරසේකරට ඩිලාන්, වාසු දෙහි කපයි Featured

Published in පුවත්
Saturday, 21 March 2015 08:15

ජාතික ගීය දෙමළෙ භාෂාවෙන් ගායනා කිරීමට දී ඇති අවසරය ව්‍යවස්ථා විරෝධී බව පවසමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් එජනිස මන්ත්‍රි සරත් වීරසේකර මහතා ඊයේ (20)පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාවට පිළිතුරු දෙමින් එජනිස මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා හා වාසුදේව නානයක්කාර මහතා දැඩි පිළිතුරු ලබා දිමට කටයුතු කළහ.

සරත් වීරසේකර මහතා ප‍ටු ජාතිවාදී මතයක සිට ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම ගැන ද දෙමළ ජනතාවද ඉතා පහත් මට්ටමට ඇද දමමින් කතා කළේය.

මෙහිදී දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට අයිතියක් තිබෙන බව ද එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසී ය. ව්‍යවස්ථාවේ තිබෙන මතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගන්නා බවත් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්නයෙන් ම එකඟ බවත්  පෙරේරා මහතා  කියා සිටියේය.  ශ්‍රී ලනිපයේ යැයි කියා ගන්නා මේ මන්ත්‍රීවරයා වැනි අන්තවාදීන් නිසා තමයි මහින්ද රාජපක්‌ෂ මහතා පරාජය වුණේ ඒ මන්ත්‍රීවරයා සුදුසු ශ්‍රීලනිපයට නොවේ බොදුබල සේනාව වැනි සංවිධානකටයි යැයිද  ඩිලාන් පෙරේරා මහතා කීවේය.

ලෙස ජාතික ගීය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මතය වන බවත් ඩිලාන් පෙරේරා මහතා කීවේය.

මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ සිංහලවාදීව හෝ දෙමළවාදීව මේ ප්‍රශ්නයට අවතීර්ණ වීම සුදුසු නොවන බවයි. තමන් මේ පිළිබඳව යෝජනාවක් පෙර දී ගෙන ආ බවත් ඊට ආණ්ඩුවේ සිටි අන්තවාදි කොටස් විරුද්ධ වූ බවත් ඔහු පෙන්වා දුන්නේය

Last modified on Saturday, 21 March 2015 08:23

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us