වත්කම් හෙළි නොකරන රාජ්‍ය නිලධාරීන්ටත් නඩු

Published in පුවත්
Saturday, 21 March 2015 08:26

සාධාරණ හේතුවක් නොමැතිව වත්කම් හා බැරකම් හෙළි නොකරන රජයේ නිලධාරින්ට හා දේශපාලනඥයන්ට එරෙහිව අල්ලස් පනත යටතේ නඩු පැවරීමට ආණ්ඩුව කටයුතු සම්පාදනය කැර ඇත.

මේ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එම පුද්ගලයන්ට එරෙහිව 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් බැරකම් ප්‍රකාශ පනත යට‍තේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම සිදු කෙරේ‍.

වත්කම් බැරකම් ප්‍රකාශ පනතේ 9.(1) වගන්තිය ප්‍රකාරව මේ නඩු පැවරීම කරන අතර ඒ අනුව දඬුවම් නියම කිරීමක් ද සිදුකිරීමට නියමිතය. මේ පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඊයේ (20) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස නිලධාරිවරයකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ගොනු කළාය.

අදාළ පැමිණිල්ල අල්ලස් කොමිසමේ නීති නිලධාරි චන්ද්‍රසිරි මහතා මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරමින් කියා සිටියේ එම අධිකාරියෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මේ නඩු පැවරීම කැර ඇති බවය. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සුගත් වීරසිංහ යන සැකකරුට අප්‍රියෙල් 24 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් ක‍ළේය.

 

dinamina

Last modified on Saturday, 21 March 2015 08:37

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us