දුරේක්ෂයක් සහිත අක්ෂි කාචයක්

Published in අනං මනං
Friday, 20 March 2015 14:50

බොහෝ විට ඇස්වල පෙනීම අඩු අය අක්ෂි කාච භාවිතා කෙරේ. විද්‍යාඥයන් පිරිසක් විසින් පෙනීම තුන් ගුණයකින් වැඩි කළ හැකි අක්ෂි කාචයක් නිපදවමින් සිටියි.

මිලිමීටර් 1.55 පමණ ඝන කමකින් යුත් එම කාචය ඉතා කුඩා දුරදක්ණයක් යොදාගෙන නිර්මාණය කර තිබේ.

මෙම කාචය මගින් වයස් ගත වීම නිසා ඇස් පෙනීමේ දුර්වලතාවයෙන් පෙළෙන සහ අන්ධ බාවයට පත්වූ පුද්ගලයන්ගේ පෙනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා යොදාගත හැකි බව පැවසේ.

ඉදිරියේදී මෙය ඇස් කණ්ණාඩි සඳහාද යෙදීමට බලාපොරොත්තු වේ.

lence2

ක්‍රීඩා

Connet With Us