තවත් කොරියානු ‍රැකියා අවස්ථා ‍රැසක් ශ්‍රී ලංකාවට හිමිවේ

Published in පුවත්
Friday, 20 March 2015 15:03

කොරියානු රජයෙන් මෙවර රැකියා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව කොරියානු රජයේ තානාපති චැං වොන් සම් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) විදේශ රැකියා අමාත්‍යශයේ දී ඇමිතිනි තලතා අතුකෝරළ මහත්මිය හමු වු අවස්ථාවේදියි.

කොරියානු තානාපතිවරයා එහිදී කර්මාන්ත අංශයට රැකියා අවස්ථා 4300ක උපරිමයක් හා ධීවර අංශයට තවත් රැකියා විශාල ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට ලබාදීම හැකි බව පැවසිය.

මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යතුමිය සඳහන් කළේ, කොරියානු රජයෙන් ලාංකිකයින්ට ගැලපෙන හොඳ රැකියා අවස්ථා හිමිවී ඇති බවයි.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොරියානු අංශයට අවශ්‍යකරන පහසුකම් ලබාදීමට නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. කොරියානු රැකියා ලාභීන් සිය පුහුණවීම් සඳහා ගත කරන ප‍්‍රමාදය අවම කිරීමටත්, එමෙන්ම අවශ්‍ය පොලිස් වාර්තා ලබාගැනීමේදී පොලිස්පතිතුමා සමග සාකච්ඡා කර ඇතිවන ප‍්‍රමාදයන් අවම කර කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් සඳහන් කළාය.

lankapuvath

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us