ජනපති රටින් පිටවේ

Published in පුවත්
Wednesday, 25 March 2015 14:48

සිව්දින රාජ්‍ය චාරිකාව අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මීට ස්වල්ප මොහොතකට පෙර චීනය බලා පිටත්වූ බව වාර්තාවේ.

මධ්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම් වලින් මාසයකට රුපියල් මිලියන 200 ක බද්දක් අයකිරීම සඳහා නව රජය විසින් නිකුත් කළ ගැසට් පත්‍රය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබේ.

පැහැර ගැනීමට ලක්වූ බව කියන ලලිත් සහ කුහන් සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නැවතත් සිතාසි යොමු කර තිබේ.

පිෂ්ට ධාතු ශරීරයට අවශෝෂණය වීම අවම වන සේ බත් පිස ගත හැකි ක්‍රමවේදයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් සමත්ව තිබේ.

තාවකාලිකව අත්හිටුවනු ලැබූ ෆුල් ෆේස් හෙල්මට් තහනම එළැඹෙන අප්‍රේල් 02දා සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (25දා) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය.

මහින්ද රාජපක්ෂව අගමැති කරවීමේ ව්‍යාජ ව්‍යාපාරය විසින් සංවිධානය කරන රත්නපුරයේ හෙට පැවැත්වෙන ‍රැළිය සඳහා ශ්‍රි ලනීප මන්ත්‍රීන් 300 ක දසලක්ෂයක ජනතාවක් සහභාගි කරවන බව බස්නාහිර පළාත් සභා මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු එම සංවිධායකයන් පවසයි.

අධිකරණය නියෝගයක් ලබා ගෙන හිටපු ආර්ථික සංවර්ධන ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඩිම්බ කෝෂ පිළිකාවක් වර්ධනය වීමේ අවදානමක් හේතුවෙන් සුප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී ඉකුත් සතියේ සැත්කමකට භාජනය වී ඇත.

ජර්මන් ගුවන් සමාගමකට අයත් මගී ගුවන් යානයක් දකුණු දිග ප්‍රංශයේ ඇල්ප්ස් කඳුකරයේ දී අනතුරට ලක්ව තිබේ.

ඉදිරි දින කිහිපය තුළ නිල කාලය අවසන් වීමට නියමිත පළාත් පාලන ආයතනවල කාලසීමාව තවත් වසරකින් කල් දමන ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පළාත් පාලන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

Connet With Us