News Items (18842)
ලෝකය විශ්ව ගම්මානයක් යැයි මොනතරම් දෙඩූව ද තවමත් ලෝකයේ තබා ලංකාවේ සිදුවන ප්‍රවෘත්තියක් පවා හරිහැටි සන්නිවේදන නොවන බව සනාථ කෙරෙන පුවතක් පසුගියදා වාර්තා විය.ඒ වර්තමාන රංගවේදීන් අතර ඉතා ඉහලින් කතා කරන ජයලත් මනෝරත්න අන්තර් ජාතික සිනමා උළෙලක දී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනිමයි.
රාජ්‍ය ආයතන ඉදිරිපිට ව්‍යාපාරික අරමුණු මත රැඳී සිටිමින් ජනතාවගෙන් මුදල් අයකරගන්නා ව්‍යාපාරික සාම විනිසුරුවරුන් වැටලීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
පසුගිය දා බුරුමයේ පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයක දී පොලිස් අත්අඩංගුවට පත් ශිෂ්‍යයන් සහ ක්‍රියාධරයන් හැට පස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ.
වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක් ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස් වෙබ් අඩවිය පවසයි.
ජාතික මදුරු මර්දන සතිය අදින් ආරම්භවේ. එය අපේ‍්‍රල් මස පළමු වනදා දක්වා දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ජීවිතයට නව නැම්මක් – ඩෙංගු වලට තිතක් යන්න තේමා කර ගනිමින් මෙම වැඩසටහන කි‍්‍රයාත්මකය.
අධිකරණයත් ආණ්ඩුවත් හෑල්ලු කරන්න මරාවාදීන්ගෙන් පෙත්සම්
මෙරට අධිකරණය වත්මන් ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීම සඳහා කිසිදු නීතිමය පදනමකින් තොර හේතු තර්ක ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර පරාජය වන්නට ඉඩ හැරීම සම්බන්ධ මහින්ද රාජපක්ෂ හිතවාදීන්ගේ සැලසුමක් ගැන හෙළිවේ.
යුක්රේනයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කණ්ඩායමක් සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා අවි ආයුධ සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඉහළම මට්ටමේ කමිටුවක් පත්කිරීමට රජය තීරණය කරයි. මේ චෝදනාව ඉතා බරපතළ සිද්ධියක් වන අතර විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා චීන සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි විගස අදාළ කමිටුව නම් කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතිඥ අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
පැරදුන මහින්දට වැඩි ආරක්ෂාවක් දීම හෙළා දකිනවා - අසාද් සාලි
විශ්‍රාම ගිය ජනාධිපතිවරයකුට වඩා පැරදී ගිය කෙනාට වැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙන බවත් ලබාදිය යුතු ප්‍රමාණයටත් වඩා ලබා දීමට කටයුතු කිරීමත් හෙලා දැකිය යුතු බව පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා අද(25) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
සැතපුම් 12400 පුරා විහිදෙන ලෝකේ දිගම අධිවේගී මාර්ගය
මුළු ලෝකයම ආවරණය වන පරිදි ලෝකයේ දිගම අධිවේගී මාර්ගය ඉදිකිරීමට තීරණය කොට තිබේ. මෙම මාර්ගය සැතපුම් 12400 ක දිගින් යුක්ත වේ.
