මනෝරත්න ලෝකෙන් හොඳම නළුවා වීම රහසක් වූයේ මන් ද?

Published in කලා
Thursday, 26 March 2015 12:40

ලෝකය විශ්ව ගම්මානයක් යැයි මොනතරම් දෙඩූව ද තවමත් ලෝකයේ තබා ලංකාවේ සිදුවන ප්‍රවෘත්තියක් පවා හරිහැටි සන්නිවේදන නොවන බව සනාථ කෙරෙන පුවතක් පසුගියදා වාර්තා විය.ඒ වර්තමාන රංගවේදීන් අතර ඉතා ඉහලින් කතා කරන ජයලත් මනෝරත්න අන්තර් ජාතික සිනමා උළෙලක දී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනිමයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වැනි දින නව දිල්ලියේ පවත්වන ලද බයස්කෝප් ග්ලෝබල් සිනමා උළෙලේ දී මනෝරත්නයන් විසින් දිනා ගන්නා ලද සම්මානය පිළිබඳ මුල් වරට අනාවරණය වූයේ ෆේස්බුක් සමාජ ශාලා වෙබ් අඩවියක් හරහාය.මිනිසෙකුගේ කිමිහුමක් යෑමත් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ එසැනින් දැන ගන්නා ලෝකයේ මනොරත්නයන් ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැන්ම හෙළි දරව් වනුයේ මාස තුනකට පසුවය.

තමා ජාත්‍යන්තර ඇගයීමකට පාත්‍ර වු වග අප හිතවත් මනෝරත්නයන් ද ඒ වන තෙක් දැන සිටියේ නැත.නව දිල්ලියේ බයස්කෝප් සම්මාන උළෙලේ දී මනෝරත්නයන්ට හොඳම නළුවාට හිමි සම්මානය පිරි නැමෙනුයේ ඉන්දියානු චිත්‍රපටයක් වන ක්‍යා දිල්ලි ක්‍යා ලාහෝර් නම් චිත්‍රපටයේ රඟපෑ විජේ රාත් සමග සමව බෙදා දීමෙනි.සම්මාන දිනා ගැසීම කෙසේ වෙතත් සිනමා කෘතියක් විදෙස් රටක ප්‍රදර්ශණය වද්දී පවා පුවත් මවන රටක මේ අබාග්ගය සිදු වූයේ කෙසේ දැයි විමසා බලන්නට අප ජයලත් මනෝරත්නයන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත් සූ විසි විවරණ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සරත් ධර්මසිරිට ආරාධනා කළෙමු.සම්මානනීය නවකතා කරුවෙකු ටෙලි නාට්‍ය කරුවකු මෙන්ම සිනමාකරුවකු ද වන සරත් මෙයට පෙර නිර්මාණය කරන ලද ගිනි කිරිල්ලි සහ භේරුන්ඩ පක්ෂියා විචාරක අවධානයට පාත්‍ර විය.

* සූ විසි විවරණ චිත්‍රපටයේ රඟ පෑ ජයලත් මනෝරත්න ඉන්දියාවේ දී සම්මානයට පාත්‍ර වූ ප්‍රවෘත්තිය මෙරට මාධ්‍ය ලෝකයෙන් වසන් වූයේ ඇයි ?

මා හිතන්නේ එයට මුල්ම හේතුව සිනමාව පිළිබඳ ඇති උනන්දුව අඩුවීම විය හැකියි.කලකට ඉහත සිනමා කෘතියක් තිර ගත වන්නට පෙරම එය තිර ගත වන පස් වන මණ්ඩල හරහා සිනමා කෘතියක් කවරේ ද යන්න පිළිබඳ මිනිසුන්ට දැන ගන්නට ලැබුණා.ඒ වගේම රටේ සිටින විද්වතුන් මෙම චිත්‍රපට පිළිබඳ විවරණයක යෙදුනා.පස් වන මණ්ඩලයට තේරුණ ගමන් එම චිත්‍රපටය හොඳ එකක්යැයි විශ්වාසය මත ප්‍රෙක්ෂකයන් එයට ඇදී ගියා.අද එබන්දක් නැහැ.ඒ හින්දා තිර ගත වෙන ඕනෑම චිත්‍රපටයක් පිළිබඳ සාමාන්‍ය ප්‍රේක්ෂකයා සලකා බලන්නේ එක් විධියකට.කලින් චිත්‍රපට නරඹා නරක අත්දැකීම් ලද්දවුන් ඉන් පසු චිත්‍රපට පිළිබඳ උනන්දුව අඩු වෙනවා.සූ විසි විවරණ සම්මානය පිළිබඳ අඩු අවධානය ඇති වන්න ඇත්තේත් මේ කාරනාව නිසාවෙනුයි

* සූ විසි විවරණ ඉන්දියාවේ සිනමා උළෙලකට සහභාගි වීම සිදුවූයේ කොහොමද?

එය මුලින්ම මෙරට දී පැවැත්වුණ සාක් සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටය බවට පත් වුනා.පසුව එය චීනයේ පැවැත්වූ සිල්ක් රූට් සිනමා උළෙලටත් සනභාගි වූනා.එය තරගකාරි සිනමා උළෙලක් නොවෙයි.ඉන්දියාවේ පැවැත් වූ බයස්කෝප් සිනමා උළෙලට අපේ චිත්‍රපටය යැව්වේ මා හිතන්නේ ඈෂ්ලි රත්නවිභූෂණ මහත්මයා.

* දිල්ලියේ පැවැත්වූ සිනමා උළෙලට ඔබ හෝ චිත්‍රපටය සම්බන්ධ කිසිවකුත් සහභාගි වූවා ද?

නැහැ.

* ඇයි?

ලෝකයේ සිනමා උත්සව විවිධ වර්ගයේ ඒවා තිබෙනවා.සමහර සිනමා උළෙලයන් හිදී ආරාධනා පත්‍රයක් එවනවා.නැත්නම් ගුවන් ප්‍රවේශ පත්‍රයක් එවනවා.නැත්නම් නවාතැන් පහසුකම් සපයනවා.මේ සිනමා උළෙලේ එබඳු පහසුකම් සැපයීමක් නැහැ.

* සම්මාන දිනා ගත් වග දැනුම් දුන්නාද ?

නැහැ.සමහර සම්මාන උළෙලවල් වල දී සම්මානයක් තියෙනවා කියලා දැනුවත් කරනවා.සමහර ඒවා වල දී වෙනස් ආකාරයකට ආරාධනා කරනවා.මේ උළෙලේ දී අපව එහෙම දැනුවත් කළේ නැහැ.

* එතකොට සම්මානයක් දිනා ගත් වග දැන ගත්තේ කවදාද?

මාස දෙක හමාරකට විතර පස්සේ.

* ඒ කොහොමද ?

අපේ පුතා ඉනටර්නෙට් එක සර්ච් කරද්දි තමා දැන ගත්තේ.

ද ඔබ උළෙලේ සංවිධායකයන්ට කතා කළා ද?

ඔව්.ඔවුන් ඒ ගැන හරියට කම්පා වුණා.ඒත් ඔවුන් සම්මානය එවන්න විධියක් නැහැ කිව්වා.දැන් ඒ අනුව අපේ මහ කොමසාරිස් කාර්යාලය හරහා සම්මානය මෙරටට ගෙන්වන්නට අප කටයුතු කරනවා.මේ සම්බන්ධයෙන් අපේ මහ කොමසාරිස් කාර්යාලය ඉතා උනන්දුවෙන් කටයුතු කරන වග කිව යුතුයි.

* එහෙත් අද ලෝකයේ දියුණුව සමග ඔවුන්ට ඒ බව දන්වන්නට හොඳීන්ම ඉඩ කඩ තිබුණා?

ඔව්.එය උත්සව සංවිධායකයන්ගේ නොහැකියාව.ඒ වගේම අපේ නිෂ්පාදන සමාගම නිතර අවදියෙන් සිටින සමාගමක්.ඔවුන්ට ඊමේල් මගින් පණිවිඩය දෙන්නට තිබුණා.

* බැරි වෙලාවත් ඔවුන් ඔබේ චිත්‍රපටයට සම්මානයක් තිබෙන වග කලින් දැනුම් දුන්නා නම් ?

එහෙම වුනා නම් අපි අනිවාර්යෙන් සහභාගි වෙනවා.එය සිනමා කෘතියට ලැබුණ විශාල අවස්ථාවක් නිසා.

* සූවිසි විවරණ චිත්‍රපටය පිළිබඳ නිෂ්පාදන ආරම්භ වූයේ කොහොමද ?

මේ තිර නාටකය ඇතුළු චිත්‍රපට දහයක් චිත්‍රපට සංස්ථාවේ සුනිල් එස්.සිරිසේන මහත්තයා සභාපති පදවිය දරද්දි නිෂ්පාදනය සඳහා තෝරා ගත්තා.එහෙත් එයින් තැනුනේ එක් චිත්‍රපටයක් විතරයි.එහි අධ්‍යක්ෂ අපට පැවසුවේ සංස්ථාව සමග වැඩ කරළ වැඩක් නැහැ කියලා.ඉතින් අපිත් ඒ ලණුව කෑවා.අපි හැදුවේ නැහැ.මං විතරක් නොවේ.අනෝමා රාජකරුණා.සුදත් මහදිවුල් වැව. අදී කිහිප දෙනෙක්ම එදා හොඳ තිර නාටක ලියලා චිත්‍රපට හදන්න හිටියේ.එයින් කාලෙකට පස්සේ සුනිල් සිරිසේන මහත්තයාම මගේ තිර නාටකය ගැන පැවසුවාම මගේ යාළුවෙක් ඒ ගැන අහන් ඉඳලා නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වුනා.

* නිෂ්පාදනය කළේ මොන අවුරුද්දෙ විතර ද ?

දැන් අවුරුදු හයක් විතර වෙනවා.

* ඇයි තවම පෙන්වූවේ නැත්තේ ?

අපි ඉතින් නියමිත ක්‍රමවේදයක් තියෙනවා කියලා හිතා ගෙන ඒ විදියට ලියුම් දාලා ක්‍රියාත්මක වුණා.ඉස්සර නම් රැඟුම් පාලක මණ්ඩලයේ සහතික දින පිළිවෙළට තිර ගත වුණා.දැන් එහෙම ක්‍රමවේදයක් නැහැ.ඊ.ඒ.පී එකයි සෙල් එකයි කිව්වා පෝලිම වැඩියි කියලා.ඉතින් පස්සේ අපට සංස්ථාවෙන් කිව්වා අපි දැන් වැඩ කරන්නේ සෙල් මණ්ඩලයේ ශාලා එක්ක ඒ හින්දා ඒ අය කැමැති දුවන චිත්‍රපට වලට කියලා .ඉතින් තවම අවස්ථාව හම්බවුණේ නැහැ.මං හිතන්නේ අපේ සූවිසි විවරණ කියන නම් වෙනුවට අබ්ලික් වගේ නමක් දැම්මා නම් පෙන්වන්න ඉඩ තිබුණා.

* දුවනවා කියලා පෙන්වපු චිත්‍රපට දිව්වා ද ?

නෑ නේ.

* ඇත් කඳ ළිහිණි,බන්ඩාර දෙය්යෝ වැනි ටෙලි නාට්‍ය රැසක් හදා නමක් දිනා ගත් ඔබට අලුත් චිත්‍රපටයක පෙන්වන්න ලැබුණේ නැහැ කිව්වාම පුදුමයි නේ?

ඒ වුනාට ඉතිං සම්මාන උළෙලවල් වලටත් ආරාධනා නැහැ.ඉතින් දුකයි තමා.අධ්‍යක්ෂවරයෙකු වෙන්න කවර ලකුණ ද ඇති කළ යුත්තේ කියලා මාත් තවම කල්පනා කරනවා.සාක් සිනමා උළෙලේ දි හොඳම චිත්‍රපටය වුනේ සංස්ථාවේ ශාලාවේ දී.ඒ වෙලාවේ හිටපු සභාපති තුමත් එහි සිටියා.යුතුකමක් තිබුණා චිත්‍රපටය පෙන්වන්න.අනේ මං දන්නේ නෑ.අඩු ගනනේ මේක තිර ගත වන ලයින් අප් එකට දැම්මා කියලාවත් ලියුමක් වත් නැහැ.

* පෙන්වන්න ඉල්ලුවා ද?

ඉල්ලුවා නේනම්.බැලුවත් එක්ක.සංස්ථාවේ ශාලාවට තිස් පන් දහසක් ගෙවන්නත් ඕනෑ.බලලා ඉතා විශිෂ්ටයි කිව්වත් එක්ක.සාමාන්‍යයෙන් හොඳ නවකතා පිටපතක් වුනාම අපි ප්‍රකාශක ගාවට යන්න ඕනැත් නැහැ.ප්‍රකාශකම කියනවා අපි මේක ගහමු කියලා.අපි නියමිත විදියට ලියුම් දැම්මා.අපි හිතන්නේ නියමිත ක්‍රම වේදයකට නොගිහින් බලපෑම් කරනවා කියන එක හොඳ නැහැ කියලා.අපි පත්තරේ ක කර්තෘ කෙනෙකුටත් වත් කරදර කරන්න හොඳ නෑ කියලා හිතෙන උදවිය.ඒ ඉතින් අපි ඉගෙන ගෙන තියෙන හැටි.

* චිත්‍රපටය සම්මාන දිනපු පුවත පවා ප්‍රසිද්ධියට නැංගැවේ නැහැ?

ඒ ඉතින් අපි ඉගෙන ගෙන ඉන්න හැටි.ඒක වැරදියි වගේ තමා

* මනෝරත්නයන් සම්මාන දිනු චරිතය කුමක් ද ?

මේ සම්ප්‍රදායික නැටුම් ගුරුවරයෙක් පිළිබඳ පුවතක්.සම්ප්‍රදායික ගුරු භාවිතාව ඇතුලත සිර වුන මිනිස්කම තමා චිත්‍රපටයේ තේමාව.මෙහි මනෝරත්න නම් ඇසු පිරූ තැන් ඇති නළුවාට රඟපාන්නට ලැබුණේ විශ්ව විද්‍යාලයේ නැටුම් උපාධිය දරන සිසුන් සමග.මහාචාර්ය මුදියන්සේ දිසානායකත් එහි රඟපානවා.මෙහි මනොරත්න තම ශිෂ්‍යාවක් සමග ඇති ලාලසාව පරම්පාරික ගුරු ගෞරවය තදින් බලපාන හෙයින් යටපත් කරනවා.එහි අදහස් වනුයේ අපේගුරුවරයා රාගාධි කෙලෙස් නැසූ ය කියන කතාව නොවේ.සාමාන්‍ය මිනිසා සහ කලාකරුවා අතර ඇති වන සීමාවන් .මෙහිදී මනෝ ගේ ඇසූ පිරු තැන් ඇති බව මෙන්ම පෙනුම පවා ඔහුට හොඳීන් චරිත නිරූපණය කරන්නට ලැබුණ අවස්ථාවන්.

* චිත්‍රපටයේ එන සෙසු චරිත නිරූපනයන්?

ඩබ්ලිව්.ජයසිරි,චාන්දනී සෙනෙවිරත්න,ඉන්දිකා උපමාලි,බර්ටි නිහාල් සුසිරිපාල,ගිරිරාජ් කෞශල්‍ය,අජිත් ලොකුගේ,වසන්ති රන්වල,මහාචාර්ය මුදියන්සේ දිසානායක ආදින් එහි චරිත මවනවා.

* මනෝරත්නගේ සම්මානය අපට දැක ගත හැකි වෙයිද?

පුළුවන් වෙයි.තව සති දෙකකින් විතර.එහෙම උනාම මනෝ වෙනුවෙන් උත්සවයක් තියන්න කල්පනා වක් තියෙනවා.

ඒ කෙසේ වෙතත් මනෝරත්නයන් ලබා ගත් මෙම සම්මානය රටට වටින්නකි.එම සම්මානය මෙරටට ගෙන්වීමත් එමෙන්ම සූ විසි විවරණ ප්‍රදර්ශණයත් හැම අතින්ම පැසසුම් ලැබිය යුතුය.එබැවින් එම පැසසුම ලබන්නට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් මැනවි.

අර්ජුන්

sarasawiya

1729 2

1729 1

1729 4 

1729 10

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us