උමා ඔය ව්‍යාපෘතිය නොකෙරුණත් ආපදාවට ලක්වූවන්ට වන්දි ගෙවනවා - ජනාධිපති

Published in පුවත්
Friday, 20 March 2015 20:20

උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වීම හා ළිං සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ උද්ගතවීමාදී සිදුවීම් නිසා ආපදාවට ලක්ව සිටින ජනතාවට උමා ඔය ව්‍යාපෘතිය කෙරුණත් නොකෙරුණත් වන්දි ගෙවන බව ජනාධිපතිවරයා පවසයි.

අද (20)පෙරවරුවේ උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාල පාර්ශ්ව සමඟ පරිසර අමාත්‍යාංශයේදී සිදු කළ සාකච්ඡාව අතරතුරදී මේ බව පවසා ඇත.

රාජපක්ෂවරුන්ගේ ප‍ටු දේශපාලන හා කොමිස් වුවමනාවන් මත ආරම්බකළ මෙම ව්‍යාපෘතිය නිසා අද වන විට මකුල් ඇල්ල, හීල් ඔය, කුරුකුදේ, බැද්දෙ අරාව, ලියන්ගහවෙළ, වෙහෙරගල තැන්න, කුරුදු ගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ, බොරලන්ද, රජකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඬේගම හා අභයපුර යන ගම්මාන වල පවුල් 650 ක් පමණ ළිං ජලය සම්පූර්ණයෙන් ම අහිමි වීමෙන් හා ගෙවල් ඉරිතලා කඩා වැටීමෙන් සංවර්ධන අනාථයින් බවට පත් ව සිටී.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී පරිසරවේදීන් හා මෙම ව්‍යපෘතියට එරෙහි ජනතා සංවිධාන නියෝජිතයන් විසින් පෙන්වා දුන් කරුණු කාරණා ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබ තිබේ. එහෙත් එම ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටින නිළධාරීන් කිසිවකුත් ඊට අභියෝග කර නොමැත. කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය තවදුරටත් කෙරෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා කැබිනට් අනු කමි‍ටුවක් පත් කර ඒ සම්බන්ධ පුළුල් විමසීමක් සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා දන්වා ඇත.

මේවන විට උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු ප්‍රතිපාදන නොමැතිකම නිසා තාවකාලිකව නවතා ඇත.

සම්පූර්ණ උමං පද්ධතියේ 16% ක වැඩ නිම මේවන විට නිම කර තිබේ. ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26 ක් දිග උමං 7 ක් කැනීමට නියමිත ව ඇත.

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරු ලෙස ක‍්‍රියාත්මක වන ඉරානයේ ෆරාබ් සමාගම මේ ව්‍යාපෘතිය වසර පහකින් නිම කිරීමට සූදානමින් සිටී. පළමු සැලැසුමට අනුව ඒ සඳහා වැය වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 76,316 කි. ඉන් ලංකා රජය දරන වියදම රුපියල් මිලියන 24,600 කි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 60,842 ක් වැය වේ. ඉන් 85% ක් ඉරාන අපනයන සංවර්ධන බැංකුව ලබා දෙන අතර ඉතිරි 15% ක මුදල ශ‍්‍රී ලංකා ආණ්ඩුව දැරිය යුතු වේ. මීට අමතර ව ඉඩම් අත්පත් කර ගැනීම, ජනතාව නැවත පදිංචි කිරීම, පරිසර සංරක්ෂණය, වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය, ව්‍යාපෘති කළමනාකරණය හා උපදේශනය සඳහා වැයවන රුපියල් මිලියන 15,475 ක මුදල ලංකා රජයෙන් දැරිය යුතු ව ඇත.

 

Last modified on Friday, 20 March 2015 23:15

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us