හමුදාවෙන් පැනගිය ගොඨාටත් ෆීල්ඩ් මාර්ෂල් ධුරයක් දෙන්නැයි බොදු බලේ ඉල්ලයි

Published in පුවත්
Friday, 20 March 2015 16:44

ෆීල්ඩ් මාෂල් ධුරය ගෝඨාභය රාජපක්ෂ මහාතාටත් ලබාදිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥනසාර හිමි රජයෙන් ඉල්ලයි.

ඥනසාර හිමි පවසන්නේ යුද්ධයේ දී ත්‍රිවිධ හමුදාවටම නායකත්වය දෙමින් මෙහෙයවු බැවින් මුලිකවම මෙම තනතුර ලැබිය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බවයි.

එහෙත් එම තනතුර දිය හැක්කේ හමුදාවේ ජනරාල් පදවිය දක්වා වු උසස් තනතුරු දැරූ යුධ ප්‍රවීණයන්ටය. ගොඨාභය රාජපක්ෂ යනු කර්නල් තනතුරේ සිටියදී 1992 දී හමුදාවෙන් ඉවත්ව විදේශගත වූවෙකි. එම ඉවත්වීම වෙනුවෙන් ඔහු හමුදාවේ සියළු පට්ටම් තනතුරු ඉවතලූ අතර කිසිදු හමුදා වරප්‍රසාදයකට හෝ හිමිකාරිත්වයක් නැති නිකමකු විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව මෙරටට පැමිණ අරක්ෂක ලේකම් පදවිය ඉසුලූ අතර ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සැලසුම අනුව ජයග්‍රහණයෙන් කෙළවර කර ගත් යුද්ධයේ තමනුත් කොටස්කරුවකු බව තමන් විසින් කියවා ලියවා ගත් වීරයකු විය. යුද්ධය සම්බන්ධයෙන් ඔහුගේ නම කියැවෙන්නේ යුධ අපරාධයන් ගැන හා කූප්‍රකට මිග් යානා ගනුදෙනුව ගැන පමණය.

වර්ගවාදී ත්‍රස්ත කණ්ඩායමක් වන බොදු බල සේනාව බිහිකර ඒ පෝෂණය කරමින් මේ රට ආගම්වාදී යුද්ධයක් කරා මෙහෙයවූ ගෝඨාබයට ෆීල්ඩ් මාර්ෂල් ධුරයක් පිරිනැමිය යුතු බව බොදු බල සේනාව පවසන්නේ ගෝඨාභය රාජපක්ෂගේම කීම් බහට බවට ද විවාදයක් නැත.

හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන ඉරිදා (22) ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කරන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවත් ජනපති ලේකම් කාර්යාලය ආරංචි පවසයි.

ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් හිමි වන අතර ෆීල්ඩ් මාෂල් තනතුර කිසි දිනක විශ්‍රාම නොයන ධුරයකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us