විනාශ කළ නොහැකිවූ සුන්දරත්වය

Published in අනං මනං
Monday, 23 March 2015 14:34

ගැහැණියකගේ ලස්සන මනිනුයේ මුහුණේ සුන්දරත්වය තුලින්ද? මෙය අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක්.

මාර්තු 8දාට යෙදුනු කාන්තා  දිනය වෙනුවෙන් වෙනස් විදියේ දිනදර්ශනයක් එළිදැක්වුණා. මේ දින දර්ශනය සැරසුනේ ඉන්දියාව තුල ඇසිඩ් ප්‍රහාරයන්ට ගොදුරු වූ තරුණියන් කිහිපදෙනකුගේ ඡායාරූපවලින්.

මේ විශේෂිත කැලැන්ඩරය නිර්මාණය කර තිබෙන්නේ ඉන්දියාවේ Stop Acid Attacks නම් පුනරුත්ථාපන සංවිධානය විසිනුයි.

ඉන්දියාව තුල බහුලව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරීමේ අවියක් ලෙස ඇසිඩ් යොදාගනියි. Stop Acid Attacks සංවිධානය පවසන පරිදි මේ ප්‍රහාරයන් වලදී  කාන්තාවන්ගේ මුහුණ ඉලක්ක කිරීමට හේතුව වන්නේ ගැහැණියකගේ සුන්දරත්වය පවතින්නේ මුහුණේ බවට සමාජයේ පවතින මතය හේතුවෙනි.

නමුත් ඇසිඩ් ප්‍රහාරයන්ට ඔවුන්ගේ මුහුණු විනාශ කර දැමිය හැකි වුවත් සිහින විනාශ කිරීමට නොහැකි වී ඇති බව මේ දින දර්ශනය ශාක්ෂි දරයි. මේ නිසාම ඔවුන් හැමදාමත් සුන්දර වනු ඇත.

acid1

acid2

acid3

acid4

acid5

acid6

acid7

acid8

acid9

acid10

acid11

acid12

ක්‍රීඩා

Connet With Us