ලංකාවේ ගෘහභාණ්ඩ පහකට එක්‍ පරිගණකයක්

Published in අනං මනං
Monday, 23 March 2015 12:28

ලංකාවේ නිවාස ආශ්‍රිතව පවතින ගෘහභාණ්ඩ පහකට එක් පරිගණකයක් බැගින් අන්තර්ගතවන බව වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකට අනුවයි.

මෙම වාර්තාවන්ට අනුව නාගරික ප්‍රදේශවල සියයට 36ක පමණ ප්‍රතිශතයකුත් ග්‍රාමීය ප්‍රදේශවල 20.4 සහ 4.6ප්‍රතිශතයකත් මෙම අගය පවතියි. 2004 වසරේ සිට 2014 වසර දක්වා දත්ත ඇසුරින් නිකුත් කර ඇති මෙම වාර්තාවට අනුව පරිගණක බාවිතා කිරීමේ ප්‍රතිශතය සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත.

වැඩිම පරිගණක ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාත තුලින් වන අතර අඩුම ප්‍රතිශතය වාර්තා වන්නේ උතුරු මැද පළාතෙනි. එසේම 2014 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා තොරතුරු තාක්ෂණ දැනුම සියයට 25.1 ක ප්‍රතිශතයක පවතියි.

එපමණක් නොව අන්තර්ජාල සහ ඊමේල් බාවිතා කිරීම අතින් උතුරු පළාත දෙවැනි වන්නේ බස්නාහිර පළාතට පමණි.

Last modified on Monday, 23 March 2015 12:29

ක්‍රීඩා

Connet With Us