විමල් ගියා විතරයි ඉංජිනේරු සංස්ථාවට ලක්ෂ 60 ක ඉතිරියක්(photos)

Published in පුවත්
Monday, 23 March 2015 13:01

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉකුත් පාලන සමයේ බරපතල මුල්‍ය අර්බුධයකට ලක්වී තිබුණු බවත් නව රජය බලයට පත්වීම සමග සිදුවී තිබුණු විශාල මූල්‍ය වංචා සහ නාස්තිකාර වියදම් රැසක් හෙළිකර ගැනීමට සමත්වූ බව නිවාසහා සමෘද්ධි අමාත්‍යසජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

2014 ජනවාරි සහ පෙබරවාරි මාස හා සැසදීමේදී මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාස වලදී පමණක් ඉන්ධන වලට වැයකර ඇති මුදල රුපියල් මිලියන 2.24 කින් අඩුකර ගැනීමට හැකිවී ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.

කුලී පදනම මත වාහන ලබා ගැනීම සදහා 2014 ජනවාරි මසදී 1,167,782 සහ පෙබරවාරි මාසදී 1,930,422 වශයෙන් වැයකර ඇති මුදලට සාපේක්ෂව මෙම වර්ෂයේ ජනවාරි සහ පෙබරවාරි යන මාසවල මිලියන 3.74 ක් ඉතිරිකර ගතහැකිවූ බව පෙන්වාදුන්නේය .

ඉංජිනේරු සංස්ථාව සදහා කුලී පදනමින් ලබාගත් වාහන 33ක් හිටපු අමාත්‍යවරයා ගේ දේශපාලන කටයුතු සදහා යොදාගෙන තිබූ බව මීට පෙර අනාවරණය වූ බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

මෙම මාස දෙක තුළ ඉන්ධන සහ වාහන කුළී වලින් මිලියන 6ක් පමණ ඉතිරිකර ගත හැකිවූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව ඉංජිනේරු සංස්ථාවේ අලෙවි ප‍්‍රවර්ධකයන් ලෙස පත්වීම් ලබාදි දේශපාලන වැඩවලට යොදවා තිබූ පුද්ගලයන් ගණන 42ක් බවත් ඔවුන්ගේ සේවය නතර කිරීම තුළින්ද තවත් රුපියල් මිලියන 1.44 ක් ඉතිරිවූ බවත් පැවසුවේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ මාධ්‍ය ආයතනයේ 6 දෙනෙක් ඉංජිනේරු සංස්ථාවෙන් වැටුප් ලැබීමක් සම්බන්ධව මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලයට අදාළව විගණනයක් සිදුවන බැවින් එහිදී සියල්ල හෙළිදරව්වනු ඇති බවයි.

සිය අමාත්‍යාංශයේ රාජකාරී කිරීමෙන් ජනවාරි මාසය සඳහා ලැබුණ ඇමති වැටුප ජාතික නිවාස සංවර්ධන අරමුදලට ලබාදීමටද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (23) කටයුතු කළේය.

ඒ අනුව රුපියල් 367,500ක වැටුපක් ඔහු විසින් පරිත්‍යාග කරනු ලැබීය.

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

DNP 8471

DNP 8504

DNP 8483

Last modified on Monday, 23 March 2015 16:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us