පත්තර අතර එහේ මෙහේ කැරකෙන බ්ලොග් ලිවිල්ල

Saturday, 21 March 2015 15:54

බ්ලොග් යන වදන බිඳී ආවේ වෙබ්ලොග් යන්නෙනි. 1990 තරම් මෑත කාලයකට අයත් ඉතිහාසයක් ඇති බ්ලොග් ලිවීමට දැන් වයස 25කි. බ්ලොග් යන, අන්තර්ජාලයට මුදා හරින තනි පුද්ගලයකු හෝ කණ්ඩායමක් ලෙස පවත්වාගෙන යන වෙබ් අඩවි වර්ගයක් ලෙස සරලව කිව හැකිය. එමෙන්ම එය වියුණු සටහන් ලෙස සිංහලෙන් වර නැඟිය හැකිය. පුද්ගලික සහ පොදු අදහස්, එදිනෙදා පුවත්, සේයාරූ, වීඩියෝ, ශ්‍රවණ ගොනු මෙන්ම වෙබ් සබැඳි බ්ලොග් අඩවි තුළ ඇතුළත් කළ හැකිය. වර්තමානයේ යුනිකෝඩ් භාවිත කර සිංහලෙන් ලියන බ්ලොග් අඩවි ද රාශියකි.

පුවත්පත් රූපවාහිනී මාධ්‍ය සහ ගුවන් විදුලියට විකල්ප නැතැයි සිතා සිටි ඉතාම උත්කර්ෂවත් කාලයක බ්ලොග් ලිවීම ඇති විණ. කඩදාසිය තමාවම ඉහළට ඔසවා ගනිමින් උදම් අනිමින් සිටින විට පරිගණකය දාසකමේ යොදවමින් අන්තර්ජාලය තුළ විශාල ගොනු වශයෙන් අදහස් ප්‍රකාශ කිරීම ඇරඹුණි. ඩිජිටල් සන්නිවේදනය සඳහා යූස්නෙට්, ජිනී, බුලටින් බෝඩ් සිස්ටම් ආදී තොරතුරු හුවමාරු කර ගැනීමේ මාදිලි 1983-1993 කාලය ඇතුළත යොදා ගැනුණි. 1994-2001 කාලය ඇතුළත ඔන්ලයින් ඩයරි ලිවීම ඇරඹුණි. 1994 සිට වසර 11ක් මුළුල්ලේ පවත්වාගෙන ගිය ජස්ටින් හෝල් පළමු බ්ලොග් ලියන්නන් ගණයට අයත්ය.

ක්‍රමිකව විකාශය වූ බ්ලොග් ගස අතු පතර විහිදා වැඩෙන්නට ගන්නේ එවන් විලියම්ස් සහ මෙග් හරිහන් දෙපොළ විසින් බ්ලොගර් ඩොට් කොම් සොයා ගැනීමත් සමඟය. ඒ 1999දීය. ගූගල් සමාගම විසින් බ්ලොගර් ඩොට් කොම් මිලදී ගන්නට යෙදෙන්නේ 2003 පෙබරවාරියේදීය. වර්තමාන භාවිතයේ පවතින බ්ලොග් අඩවිවලින් වැඩි ප්‍රමාණයක් ස්ථාපනය කර ඇත්තේ බ්ලොගර් තුළය. අනෙක් මාදිලිය වර්ඩ්ප්‍රෙස්ය.

2001-2004 කාල පරාසය තුළ ජනප්‍රිය වූ දේශපාලන බ්ලොග් කිහිපයකි. රොන් ගුන්ස්බර්ගර් ලියූ පොලිටික්ස් වන්, ටේගන් ගෝඩාඩ්ස්ගේ පොලිටිකල් වයර්, ග්ලෙන් රෙනෝල්ඩ් ලියූ ඉන්ස්ටපුන්ඩිට් මෙන්ම චාල්ස් ජොන්සන්ගේ ලුට්ල් ග්‍රීන් ෆුට්බෝල්ස්, ජෙරම් ආම්ස්ට්‍රෝන්ග් ලියූ මයිඩීඩී එකල ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගත් බ්ලොග් අඩවිය. නමුත් අද වන විට පොලිටිකල්වන් බ්ලොග් අඩවියේ ඇත්තේ ට්වීට් ෆීඩයක් පමණි. සෙසු බ්ලොග් අඩවි ක්‍රියාත්මක මුත් එදිනෙදා යාවත්කාලීන කරන පෙනුමක් ඇත්තේ නැත. 2004 වන විට දේශපාලන මුහුණු පැළැද සිටි බ්ලොග් ලිවීම ඉන් ඔබ්බට ගොස් වෙනත් මුහුණු පළදින්නට විය. එහෙත් දේශපාලඥයන් බ්ලොග් ලිවීමට පටන් ගැනුණි. බ්ලොග්වලින් හොඳින්ම වැඩ ගත්තේ අමෙරිකානු දේශපාලඥයන් බව පළමුව කිව යුතුය. එහෙත් ඒ 1994 තරම් ඈත කාලයකදීය.

මේ අතර බොහෝ බ්ලොග් ලියන්නන් පැ‍රැණි මාධ්‍ය වූ පුවත්පත්, රූපවාහිනී සහ රේඩියෝ වෙත සංක්‍රමණය විය. සෙස්ස ඉතිරිව බ්ලොග්කරණයේ යෙදුණි. විශේෂයෙන්ම 2004 සුනාමි ඛේදවාචකය වාර්ථා කිරීමේදී බ්ලොග් ලියන්නන් කෙටි පණිවුඩ යොදා ගනිමි කළ සේවය අමතක කළ නොහැකි තරම්ය. මේ අනුව වර්තමානය වන විට ප්‍රකට පුවත්පත් ඒජන්සි, රූපවාහිනී සහ රේඩියෝ මාධ්‍ය ආයතන සියල්ලටම පාහේ දෛනිකව යාවත්කාලීන කරන බ්ලොග් අඩවි ඇත.

ශ්‍රී ලංකාව වෙත හැරී බැලූ විට බ්ලොග් ලිවීම පළමුව ඉංග්‍රීසියෙන්ද දෙවනුව සිංහලෙන්ද සිදු කර ඇත. පොදු සිංහල අකුරු ලිවීමේ ක්‍රමයක් නොමැතිකමින් සිංහලෙන් බ්ලොග් ලිවීම වුවමණා ප්‍රමාණයට වඩා පමා වුවත් එහි ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගැනීමට බ්ලොග් ලියන්නෝ සමත් වී ඇත. සිංහල යුනිකේත ආරම්භය, සිංහල යුනිකෝඩ සමූහය, ඊ ‍ෆියුෂන් ආයතනය නිමැවූ කපුටා සිංහල අකුරු සිංහලෙන් බ්ලොග් ලිවීමට තල්ලු සපයා ඇත. ගාර්ප් යතුරු ලියනය, විජේසේකර කීබෝඩය ආදී වර්ධනාත්මක ලක්ෂණ අතරට කොළඹ විශ්වවිද්‍යාලීය භාෂා පර්යේෂණ ආයතනය විසින් නිමැවූ යුනිකෝඩ් එසැනින් පරිවර්තකය පැන්න යෝධ පිම්ම අමතක කළ නොහැකි තරම් වැදගත් ය.

ෆයර්ෆොක්ස් සමඟ වැඩ කිරීමට සිංහල ඇඩෝන් ලැබීමත් නොයෙකුත් සිංහල ලිවීමේ ඇප්ලිකේෂන නිපදවීමත් සමඟ සිංහලෙන් බ්ලොග් ලිවීමට තිබූ බාධා සියල්ල නැති විය. සිංග්‍රීසි යුනිකෝඩ් පරිවර්තකයද මේ අතරම ජනප්‍රිය විය. ධනිෂ්ක නවීන්ගේ සිංහල ෆයර්ෆොක්ස් සංස්කරණය මෙන්ම මලින්තගේ වර්ඩ්ප්‍රෙස් සිංහල අතුරු මුහුණත ද සිංහල ලිවීමේ උනන්දුව දැල්වූ දෑ විය.

සැබැවින්ම බ්ලොග් ලිවීම මෙතරම් පහසුද? ගූගල් වෙබ් සෙවුමකින් ලැබෙන බ්ලොග් අඩවි රාශිය දු‍ටු විට සිතෙන්නේ ජනගහණයෙන් අඩකට වඩා බ්ලොග් ලියන බවයි. සැබැවි. බ්ලොග් ලිවීම පහසුය. බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීම ඊටත් පහසුය. වඩා අපහසු එය ක්‍රමවත්ව යාවත්කාලීන කිරීමය. ඊමේල් ලිපිනයක් ඇති ඕනෑ අයෙකුට බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගත හැකිය.ඒ සඳහා www.blogger.com හෝ www.worpress.com වෙත පිවිසීමෙන් පසුව ලබා දෙන උපදෙස් අනුකූලව තමාට රුචි නමක් සහිතව නව බ්ලොග් අඩවියක් නිමවා ගත හැකිය. සේවා සපයන්නා විසින් අලංකෘත ටෙම්ප්ලේට රාශියක් ඔබට ඉදිරිපත් කෙරෙන අතර ඉන් එකක් ‍තෝරාගත හැකිය.

ඔබ අරඹන්නේ කුමණාකාර බ්ලොග් අඩවියක්ද යන්න මත මේ ටෙම්ප්ලේටයන්ගේ ස්වභාවය වෙනස් වේ. උදාහරණයක් ලෙස ප්‍රවෘත්ති ලබා දෙන බ්ලොග් අඩවියක් නම් ඊට ගැලපෙන මෙවලම් සමඟ බ්ලොග් අඩවියේ සැකැස්ම ‍තෝරා ගත යුතුය. ඡායාරූප,සාහිත්‍ය,දේශපාලන,ආර්ථික,විනෝදාස්වාද,සූප ශාස්ත්‍ර,ක්‍රීඩා ආදී බොහෝ ක්ෂේත්‍ර සඳහා ඊට කැපෙන ටෙම්ප්ලේට සේවා සපයන්නා ළඟ ඇත. කළ යුත්තේ ‍තෝරා ගැනීම පමණි. ඉන් සෑහීමකට පත් විය නොහැකි නම් එක් ගූගල් සෙවුමකින්,එක් බින්ග් සෙවුමකින් ඔබට වර්ඩ්ප්‍රෙස් ගණයේ හෝ බ්ලොගර් ගණයේ ටෙම්ප්ලේට සිය දහස් ගණනක් සොයා ගත හැකිය.

මේ සේවා සපයන්නන් සමඟ කටයුතු කිරීමේදී කිසිඳු මෘදුකාංගයක් බාගත කර ගැනීමට සිදු නොවේ. ඩොමේන් නාම සඳහා හෝ වෙබ් හොස්ටින් සඳහා කිසිම ආකාරයෛන් මුදල් ගෙවීමක් සිදු කළ යුතු නොවේ. නොමිලේ ලැබෙන මේ සේවා භාවිත කර ඔබට මුදල් ඉපයීමට නම් හැකිය. ඒ අදාල බ්ලොග් අඩවිය වඩාත් ජනප්‍රිය කර ඇලෙක්සා වෙබ් පිහි‍ටුවීම් ආදියේ ඉහළට පැමිණි විට බ්ලොග් අඩවියට වෙළඳ දැන්වීම් ලබා ගැනීමෙනි.

සාමාන්‍යයෙන් බ්ලොග් අඩවියක සැකැස්ම සරල වන තරමට බාගත කළ යුතු ග්‍රැ‍ෆික් ප්‍රමාණය අඩු වන තරමට බ්ලොගය වෙත යමෙකුට පිවිසීම පහසු කරවයි. මද වේග අන්තර්ජාල පහසුකම් ඇති අපේ වැනි රටක ග්‍රැ‍ෆික් ආදිය වැඩි බ්ලොග් කියැවීම හෝ ග්‍රැ‍ෆික් අධික වෙබ් අඩවි වෙත පිවිසීම තරමක වෙහෙස දනවන්නකි. පෞද්ගලිකව මා යෝජනා කරන පළමු කොන්දේසිය බ්ලොග් අඩවියට විනාඩි ගණනක් ඇතුළත පිවිසීමේ පහසුකම ලබා දීම සිදු කරන ලෙසයි. දෙවැන්න ගුණාත්මක දේ ලිවීම වර්ධනය කරන ලෙසයි. මේ අවගුණ ද්විත්වය නිසා කියැවීම මඟහැරෙන බොහෝ බ්ලොග් අඩවි අවධානයක් නොලබාම අතපසු වී යන්නාක් සේය.

ලංකාව ඇතුළත ප්‍රකට කොත්තු, ලාංකීය සිතුවිලි, සිංහල බ්ලොග් කියවනය, සින්ඩිය, ලංකා බ්ලොගර්, හත්මාළුව, ලංකා බ්ලොග් කියවනය, මාතලන්ගේ සින්ඩිය බ්ලොග් පතුරුවා හැරීම වෙනුවෙන් විශාල සේවයක් ඉ‍ටු කරයි. බ්ලොග් අඩවිවල හිට් කවුන්ටර ඉහළ යාමටද මේ සින්ඩිකේටර සිදු කරන්නේ විශාල සේවයකි. ප්ලගින්ස් සපයන්නේ අලංකාර බව සහ පහසුවයි.

කාංචනා අමිලානි

silumina

සැබැඳි ලිපි :
නෙළුම් යායේ සුපිපෙන බ්ලොග් තාරකාවෝ

Last modified on Saturday, 21 March 2015 16:06

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us