පොර්ට් සිටියේ අවැඩ ගැන නොලියන්න චීනයෙන් අල්ලස්

Published in පුවත්
Saturday, 21 March 2015 11:07

මේ වන විට අර්බූදයකට ලක්ව තිබෙන කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් වන විවේචනාත්මක තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා චීන මෙහෙයුමක් දියත්ව ඇති බව වාර්තාවේ.

මේ වන විට රටේ ප්‍රධාන මාධ්‍ය ආයතන ප්‍රධානින් හා ජේෂ්ඨ මාධ්‍යවේදීන් ගනනාවකටම වරාය ඉදිකිරීමට සම්බන්ධ එම සමාගම් හා කටයුතු කරන පුද්ගලයන් විසින් අල්ලස් ලබා දී ඇතැයි දැන ගැනීමට තිබෙන බව වරාය නගරය සම්බන්ධයෙන් කටයුතු කරන පරිසරවේදීන් පෙන්වා දෙයි. පසු ගියදා මෙම මාධ්‍යවේදීන් කණ්ඩායමකට චීන තානාපති කාර්යාලයේ පැවැති හමුවකටද කැඳවා තිබේ.

එමෙන්ම රූපවහිනී සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු මාධ්‍ය කණ්ඩායමකට දින දහයක චීන සවාරියක් ලබා දී ඇත්තේද මෙම වැඩ පිලිවෙලේ කොටසක් ලෙසට බවද දැන ගැනීමට තිබෙන අතර මෙම සවාරිය ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් සංවිධානය කෙරුණක් බව පැවැසූවද ඊට මාධ්‍යවේදීන් ‍තෝරා ගත් ආකාරය රහසක්ව පවතී.

වරාය නගරය සම්බන්ධයෙන් වන විවේචනාත්මක තොරතුරු හා එම විරෝධතා සම්බන්ධ පුවත් වාරණය කිරීමේ පිළිවෙතක් මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන විසින් පවත්වාගෙන යයි. එමෙන්ම ඇතැම් වෙබ් මාධ්‍ය ආයතනද එම පිලිවෙතේ සිට කටයුතු කරන බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us