පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති ගර්භනි මව්වරුන්ට රුපියල් 20,000 ක දිමනාවක් ලබාදිමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ සමාජයේ යහපත් පැවැත්ම සඳහා අඩිතාලම පවතින්නේ මාතෘත්වය තුළ බවයි.
මව්වරුන් වෙනුවෙන් ඉටුකළ යුතු සෑම වගකිමක්ම ඉටු කිරිමට මෙන්ම ඔවුන්ට ලබාදිය යුතු නිසි ගරුත්වය ලබාදිමට රජය කැපවි සිටින බව ජනාධිපතිවරයා පැවසුවේය.
මෙම උත්සවයේදී ගර්භණී කාන්තාවන් 750 දෙනෙකුට අදාළ පෝෂණ දීමනාව ලබාදීමට නියමිතය. පසුව රට පුරා සියලූ ගර්භණී කාන්තාවන්ට අදාළ දීමනාව ලබාදේ. ගර්භණී සමයේ මාස 6ක් සහ දරු ප්රසූතියෙන් පසු මාස 4ක් ලෙස මාස 10ක් රුපියල් දෙදහස බැගින් ලබා දීමට නියමිතය.