පසුගියදා බත්තලන්ගුණ්ඩුව දූපතට රැස්වූ මන්නාරමේ සිට මීගමුව දක්වා ඇති ධීවර ගම්මානවල දහසකට ආසන්න ධීවරයන්ගේ ඒකමතික යෝජනා ස්තිරත්වයෙන් මේ තීරණය ගත් බව බත්තලන්ගුණ්ඩුව ධීවර සමිතියේ සභාපති ඇන්ටන් මහතා පැවසීය.
'ලයිලා' සුරුක්කු යන හැඹිලි දැල් වලට පනවා තිබූ නීති රීති ලිහිල් කර මේ දැල් මගින් මසුන් ඇල්ලීමට ආණ්ඩුව සහන කාලසීමාවක් දීමට විරෝධය පළ කරමින් ධීවරයන් මෙම තීරණයට එළඹ ඇත.
හැඹිලි දැල් සදහා පනවා ඇති නීති රීති ක්‍රියාත්මක කිරීම සදහා ධීවර ඇමතිවරයා දින තුනක කාලයක් ලබාදීමටද ධීවරයන් මෙහිදී තීරණය කළ අතර සාධාරණයක් සිදු නොවුවහොත් රට පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භකර ධීවර දේශපාලන පක්ෂය බිහිකර ගැනීමට පියවර ගන්නා බව ධීවරයෝ පවසති.