මහින්ද ළඟ තියාගෙන හිටපු ෆයිල් දහස් ගනනක් පොලිසියට බාර දෙයි Featured

Published in පුවත්
Thursday, 19 March 2015 08:21

පසුගිය පාලන කාලයේ ක්‍රියාත්මක වූ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇති කෝටි ගණනින් මූල්‍ය වංචා සිදුකළ සහ අයථා ලෙස වත්කම් ඉපයූ විවිධ තානාන්තරවල සිටි පුද්ගලයන්ට එරෙහිව ලැබී තිබූ එහෙත් පරීක්ෂණ සිදු නොකර යටගැසූ සහ පරීක්ෂණ සිදුකළ ලිපිගොනු දහස් ගණනක් පොලිස්පතිවරයා වෙතට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

දේශපාලනඥයන්, අමාත්‍යාංශ ලේකම්වරු ඉහළ පෙළේ නිලධාරින්, සභාපතිවරු, විදුහල්පතිවරු, අධ්‍යක්ෂක මණ්ඩල ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසකට එරෙහිව මහජනතාව මෙන්ම විවිධ පුද්ගලයන් විසින් ද පැමිණිලි විශාල ප්‍රමාණයක් ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට එවා තිබුණි.

එම පැමිණිලි අතරින් දේශපාලනඥයන් විශාල පිරිසකගේ අයථා ගනුදෙනු, ගසාකෑම් ඇතුළු විවිධ අක්‍රමිකතාවන්ට අදාළ පැමිණිලි විශාල ප්‍රමාණයකට ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත පරීක්ෂණ නොකර යටගසා තිබිණි.

තවත් පැමිණිලි විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් එම කොමිසමේ නිලධාරින් කැපවී මෙන්ම විශාල මුදලක් ද වැය කර පරීක්ෂණ කර අවසන්ව එම වැරදි කළ නිලධාරීන්ට එරෙහිව ගතයුතු නීතිමය දඬුවම් ද යෝජනා කර අවසන් කළ පසු එම පුද්ගලයන්ට එරෙහිව කිසිම දඬුවමක් නියම නොකර පැත්තකට දමා ඇති ලිපිගොණු තවත් විශාල ප්‍රමාණයක් ද වෙයි.

තව ද ඒ ආකාරයෙන්ම පැමිණිලි ලැබී විමර්ශන පවත්වා අවසන් වී අධිකරණ හමුවේ නඩු පැවරූ තවත් ලිපිගොනු රාශියක් ද වෙයි.

මේවා අතර වයඹ පළාතේ හිටපු ප්‍රධාන ලේකම්වරයකුට එරෙහිව සිදු කෙරුන විමර්ශනවලට අදාළ ලිපිගොනුව, ඛනිජ වැලි සංස්ථාවේ ඉහළ නිලධාරියකුට එරෙහිව පැවැත්වූ පරීක්ෂණවලට අදාළ ලිපිගොණුව, මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක විදුහල්පතිවරයකු සම්බන්ධ පරීක්ෂණ වාර්තාව, කොළඹ සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ ඉහළ නිලධාරියකුට එරෙහිව පැවැත්වූ පරීක්ෂණවලට අදාළ වාර්තාව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවට අදාළව ව්‍යාපාර කූඨ ලේඛන හරහා වාහන ලියාපදිංචි කිරීමට අදාළ පරීක්ෂණ වාර්තාව, ව්‍යාජ ඔප්පු හරහා ඉඩම් ලියාපදිංචි කිරීම සම්බන්ධව හිටපු අමාත්‍යාංශ ප්‍රධානියකුට එරෙහි පරීක්ෂණ වාර්තාව ඇතුළු වැදගත් පරීක්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක් මෙම ලිපිගොනු අතර වෙයි.

මෙම ලිපිගොනු පොලිස්පතිවරයා යටතට පත්කළත් ඒවා සම්බන්ධව ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ එම කොමිසම දැනට සිටින නිලධාරීන්ට දැනුම්දීමක් සිදුවී නැතැයි ඔවුහු පවසති.

 

dinamina

Last modified on Thursday, 19 March 2015 08:29

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us