ජවිපෙ අගමැතිගේ තුරුල්ලේ හැංගිලා - නිමල්

Published in පුවත්
Thursday, 19 March 2015 08:13

ඕනෑම පොඩි දෙයකට පවා අල්ලස් හා දූෂණ කොමිෂමට පැමිණිලි ගෙනගොස් ලොකුවට උද්ඝෝෂණ පවත්වන ජනතා විමුක්ති පෙරමුණ මහ බැංකු මූල්‍ය වංචා පිළිබඳ මුනිවත රැකීම පිළිබඳ යම් සැකයක් මතුවන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මේ රටේ සිදුවන සෑම වංචාවක් පිළිබඳවම ජනතාවට හෙළි කරන්නේ තමන් යැයි කියා ගන්නා ජනතා විමුක්ති පෙරමුණ විශාලම මූල්‍ය මංකොල්ලය පිළිබඳ කිසිදු ප්‍රකාශයක් නොකිරීම හෝ උද්ඝෝෂණයක් නොකිරීම විපක්ෂයේ කාර්ය භාරය පැහැර හැරීමක් බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මහබැංකුවේ සිදුවූ බව කියන බැඳුම්කර වංචාවට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහ බැංකුව ඉදිරිපිට ඊයේ (18) සංවිධාන කර තිබූ උද්ඝෝෂණයට එක්වෙමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කීවේය.

වංචා පිළිබඳ අධීක්ෂණය කරන ජනතා විමුක්ති පෙරෙමුණ මේ පිළිබඳ කිසිදු විරෝධතාවයක් නොදැක්වීම සැකයට හේතුවන බව පෙන්වා දුන් සිල්වා මහතා අගමැතිවරයාගේ තුරුල්ලට වී හැංගී සිට ජවිපෙ දේශපාලන වාසි ලබාගන්නා බවද වැඩිදුරටත් කීය.

 

dinamina

Last modified on Thursday, 19 March 2015 08:18

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us