කළු සුදු බේදයට එරෙහි සටනේ යෝධයෙක් ලංකාවට එයි

Published in පුවත්
Thursday, 19 March 2015 12:43

දකුණු අප්‍රිකානු නිදහස් අරගලයේ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරිකයෙකු වන නවසීලන්ත ජාතික මයිකල් ලැප්ස්ලි පියතුමා මෙම මස 21වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. මයිකල් පියතුමා ලෙස අප්‍රිකානු ජනතාව හඳුන්වන එතුමා වර්ණ බේද වාදයට විරුදධව හඬ නැගුවෙකි. නවසීලන්ත ජාතිකයෙකු වන මයිකල් පියතුමා 1973 වසරේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට පැමිණෙන්නේ උපාධි අපේක්ෂකයෙකු ලෙසයි.

download1976 වසරේදී ඩර්බන් නගරයේ කළු ජාතිකයින් සහ සුදු ජාතිකයින් ඉගෙන ගන්න විශ්ව විද්‍යාල කීපයකම ප්‍රධාන දේවගැතිවරයා ලෙස එතුමා ක්‍රියාකළේය. මේ කාලයේදී එතුමා වර්ණබේදවාදී ආණ්ඩුව මගින් සිසුන්ට එරෙහිව ක්‍රියාත්මක වදහිංසා පැමිණවීම, රඳවා තබා ගැනීම්, සහ වෙඩි තැබීම් වලට විරුද්ධව විරුද්ධව ක්‍රියාකරනු ලබයි. එසේම මේ වසරේම ක්‍රියාත්මක ශිෂ්‍ය උද්ඝෝෂණයකට සහය දීම හේතුවෙන් මයිකල් පියතුමාව දකුණු අප්‍රිකාවෙන් පිටිවහල් කරනු ලැබීය.

එතුමා ඉන්පසු වාසය ලෙස තෝරාගන්නේ ලෙසතෝ රාජ්‍යයි. මේ අවදියේදී නෙල්සන් මැන්ඩෙලා ප්‍රමුඛ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ සාමාජිකත්වය ගන්නා එතුමා ලොව පුර සංචාරය කරමින් වර්ණ බේද වාදයට එරෙහිව ක්‍රියා කළේය. ඉන්පසු විවිධ තාඩන පීඩන හේතුවෙන් 1982 වසරේදී සිම්බාබ්වේ රටට පලා යන එතුමා 1990 වසරේදී එනම් නෙල්සන් මැන්ඩෙලා නිදහස ලබා මස තුනකට පසු වර්ණ බේද වාදී සුදු ආණ්ඩුව විසින් එවන ලද පාර්සල් බෝම්බයක් පුපුරා යාමෙන් අත් දෙක සහ ඇසක් අහිමි වේ. නැවත ඔහු දකුණු අප්‍රිකාවට පැමිණෙන්නේ 1992 වසරේදී වන අතර මේ වනවිට එරට දේවස්ථාන කවුන්සිලයේ උප සභාපති ධුරය හොබවයි.

ඉන්පසු මයිකල් පියතුමා විසින් අරඹනු ලබන Institute for Healing of Memories නම් සංවිධානය හරහා අප්‍රිකානු රටවල මෙන්ම ලොව වටා වාසය කරනු ලබන දේශපාලනික් කරුණු මත තාඩන පීඩන වලට ලක්වූ සහ ඒඩ්ස් රෝගයට ගොදුරු වූ පුදගලයන්ගේ මානසිකත්වය ගොඩ නොවීමට පියවර ගනු ලබමින් සිටියි.

ඒ යටතේ මෙරට අබාධිත රණවිරුවන්ට සහ මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල දෙමල පෙර පාසල ගුරුවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වීමටද නියමිතව තිබේ. මීට අමතරව මයිකල් ලැප්ස්ලි පියතුමාගේ ජිවන තොරතුරු ඇතුලත් ග්‍රන්ථයක් එළි දැක්වීමද මාර්තු 29 සවස 4ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත.

michaellapsley

michael lapsley

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us