මැණික් ඔ‍ටුවා තාම ජනාධිපති කාර්යාලයේද?

Published in පුවත්
Wednesday, 18 March 2015 16:58

ජාතික ආරක්ෂක අරමුදල සතු මැණික් ඔබ්බවූ ඔටු රූපයක් ජනාධිපති ‍ලේකම් කාර්යාලය වෙත භාර දුන් බව ‍ලේඛනවල දක්වා ඇතත් එය එහි භෞතිකව පවතින්නේද යන්න පිළිබඳව අරමුදල මේ දක්වාම සොයා බලා නැතැයි එම අරමුදල සම්බන්ධයෙන් වූ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දක්වා ඇත.

විගණකාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂක අරමුදල සම්බන්ධයෙන් නිකුත් කළ 2012 වර්ෂ්‍ය සම්බන්ධයෙන් වූ වාර්තාවේ මේ බව දක්වා තිබේ.

1987 වර්ෂයේදි ජාතික ආරක්ෂක අරමුදල වෙත පරිත්‍යාග වශයෙන් ලැබි තිබුණු එකට රුපියල් 150,000 ක වටිනාකමින් යුතු මැණික් ඔබ්බවූ ඔටු රූපය එම වර්ෂයේ සිට මේ දක්වා කාලය තුළ නැවත තක්සේරු කර නොමැති බවද විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන්වේ.

දේපළ හා උපකරණ සෑම අවුරුදු 03 කට හෝ 05 කට වරක් නැවත තක්සේරු කළ යුතු වුවද ජාතික ආරක්ෂක අරමුදල සතු රුපියල් එක් කෝටි දශ ලක්ෂ තිස් දහසක් වටිනා ඉඩම් සහ රුපියල් හතලිස් පන් ලක්ෂ විසි දහසක් වූ ගොඩනැගිලි 2008 අගෝස්තු 13 දායින් පසු වටිනාකම් තක්සේරු කර නැතැයිද එම වාර්තාවේ දක්වා ඇත.

 

lakbima

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us