මුත්‍ර වලින් විදුලිය නිපදවිය හැකි ක්‍රමයක් සොයාගැනීමට බටහිර එංගලන්ත විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (07) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍යංශයේදී හමුවිය. මෙහිදී ඉන්දිය නියෝජිතයන් හා ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යංශ නිලධාරින් අතර සාකච්ඡාවක්ද පැවැත්වීය.

විලාසිතා ලොවේ කැපී පෙනීම සඳහා දෙපාවල සුව පහසුව පවා නොතකා හැකි තරම් උසැති සපත්තු පළදින්න උත්සාහ කරන පුද්ගලයන් ඉන්නවා. අපේ සිරුරේ ‘අඩු සැලකුම්’ ලබන කොටසකි තමයි දෙපා. අප මදකට හෝ කකුල් ගැන සිතන්නේ සපත්තු ගන්නට යන විටෙකදී පමණි. එවිටත් අපේ වැඩි සැළකිල්ල යොමු වන්නේ දෙපා වල සුව පහසුව ගැන නොව විලාසිතා පිළිබඳවයි.

පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්ත භද්‍ර හිමිගේ ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ ආරාමයේ පැවැත්වූ දානමය පිංකම අරබයා විවිධ පාර්ශවයන් වෙතින් විවිධාකාරයේ විවේචන එල්ල විය. එදා උන්වහන්සේ ඒ සියල්ල සාවධානව අසා සිට පසුගිය පොහොය දිනයේ එම ආරාමයේ පැවති ධර්ම කථිකාවේ දී අදාළ පාර්ශවයන් වෙත පිළිතුරු සැපයූහ.

ගොවියන්ගේ හා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම අරමුණු කොට ගත් නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට උතුරු පළාතේ දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් පසුගියදා කටයුතු කළේය. තොලිලලර්,විවසයිකල් වාල්වුරිමෛ කච්චි එම පක්ෂය නාමය වේ.

ලෝචනා මොනවද ඔබේ අලුත්ම තොරතුරු?

මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයකම ෂූටින්වලට සහභාගි වෙනවා. ඒත් එක්කම සුපුරුදු නිවේදන කටයුතුවලත් නිරත වෙනවා. තව මම රඟපාපු චිත්‍රපට කීපයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම චිත්‍රපට කීපයකට ආරාධනා ලැබිලත් තිබෙනවා.

මෙල්බර්න් නුවරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ විශේෂ උත්සවයක් ඊයේ (07)සවස වික්ටෝරියා පාර්ලිමේන්තු මන්දිරයේ සම්මේලන ශාලාවේදී පැවැත්විණි.

'එහෙටත් වහිනවා ඇති'

Published in කලා
Saturday, 07 March 2015 12:50

සඳුන් ප්‍රියංකර විතානගේ රචනා කළ, එහෙටත් වහිනවැති කාව්‍ය නිර්මාණ එකතුව ජනගත කිරීම මාර්තු 14 සවස 3ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

පසුගියදා ශ්‍රී ලංකාවේ රජය මගින් වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නැවැත්වීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ එම සමාගම්වල නිත්‍යානුකුල අයිතීන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය අවධානය යොමු කළ යුතු බවයි.

අයි.එස් සටන්කාමීන් විසින් ඉරාකයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් පෞරාණික නගරයක් වන නිම්රුඩ්හි පුරාවස්තු සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබ තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩෝසර් යොදා ගනිමින් සටන්කාමීන් මෙම නගරය විනාශ කර ඇති බවයි.

Connet With Us