අභිරහස් ලෙස මිය ගිය සුපිරි තරු

Published in අනං මනං
Monday, 09 March 2015 15:49

බොලිවුඩ් පුරවරය කියන්නෙ දහස් ගණනක් තරු බැබලෙන අමුතුම ලෝකයක්. සමහර තරු බැබළි බැබළි තිබිල එක පාරටම නිවිලා යනවා. ඒ තරු නිවෙන්න හේතුව ඇත්තටම අභිරහසක්. ඒවගේම මේ තරු වගේ බැබළෙන ජීවිතවල ඇතුලෙ තියෙන කතාව සුන්දර නැති බව ඔබට වැටහේවි.

දිව්‍යා භාරතී 

diwya1

දිව්‍යා භාරතී කියන්නෙ 90 දශකය තුල අතිශයින්ම ජනප්‍රියත්වයට පත් සුරූපී නිළියක්. නමුත් හදිසියේම ඇය නවාතැන් ගෙනසිටි තට්ටු නිවාසයේ පස්වන මහලින් ඇදවැටිලා ඇය මිය යනවා. පොලීසිය පැවසුවේ එය සියදිවි නසා ගැනීමක් බවයි. නමුත් බොහෝදෙනා සැක කරන්නේ මෙම මරණයට දිව්‍යාගේ සැමියා වගකිව යුතු බවයි.

ජීහා ඛාන් 

hindi3
බොලිවුඩයේ නැගී එන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය පැවැති ජීහා තමන්ගේ නිවාස තුල ගෙල වැලලාගෙන මිය ගොස් සිටියදී සොයාගනු ලැබුවා. ඇය මෙලෙස මිය ගියේ 2013 වර්ෂයේදී 23 හැවිරිදි වියේදී යි. මෙය සියදිවි නසාගැනීමක් ලෙස සැළකුනත් ජීහාගේ මව අගේ පෙම්වතාට මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබුණි.

සිල්ක් ස්මිතා 

hindi5
දකුණු ඉන්දීය සිනමාවේ සරාගී නිළියක් ලෙස කලක් වැජඹුණු සිල්ක් ස්මිතාගේ සත්‍ය නම විජයලක්ශ්මි වේ. නමුත් ඇය 1996 වසරේදී සියදිවි නසාගන්නවා. එයට හේතුව විදියට සඳහන් වෙන්නෙ බිමත් කම, පෙම් සබඳතා බිඳ වැටීම සහ මුදල් හිඟ කමයි.

කුනාල් සිං 

hindi6

කෙටි කාලයකින් ඉතා ජනප්‍රියත්වයට පත් වූ කුනාල් ඔහුගේ නිවාස තුලම ගෙල වැලලාගෙන මිය ගොස් සිටියදී සොයාගන්නවා. නමුත් ඔහුගේ පියා මෙය සියදිවි නසාගැනීමක් නොවන බව ප්‍රකාශ කර තිබුණි.

ප්‍රවීන් බාබි

hindi7
Time සඟරාවේ කවරය සැරසීමට වාසනාව ලැබූ පළමු ඉන්දීය නිළිය වන්නේ ප්‍රවීන් බාබියි. ඇය ඇගේ නිවස තුල මිය ගොස් සිටියදී සොයාගනු ලැබුවා. මරණ පරීක්ෂණයේදී අනාවරණය උනේ ඇය ආහාර නොමැති කමින් මිය ගොස් ඇති බවයි.

විවේකා බාබාජි

hindi8
විවේකා ඉන්දියාවේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉහලින්ම වැජඹුණු ශිල්පිනියක්. නමුත් ඇය නිවසේ විදුලි පංකාවේ එල්ලී මියගොස් සිටියදී සොයාගනු ලබනවා.

නෆීසා ජෝශප්

hindi9

ඇය මරණය වැළඳගන්නේ තම පෙම්වතා කලින් විවාහ වූ පුදගලයෙක් බව දැනගැනීමෙන් පසුවයි.

කුල්ජීත් රන්ධවා

hindi10

නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගනය පිවිසුණු කුල්ජිත් සිය නිවසේදී මියගොස් සිටියදී සොයාගනු ලබන්නේ මරණය හේතු ඇතුලත් ලියමනකුත් සමඟයි.

මන්මෝහන් දේසායි 

hindi2
Amar Akbar Anthony, Coolie සහ Dharam Veer වැනි චිත්‍රපටි රැසක අධ්‍යක්ෂකවරයෙක් ලෙස වැඩකටයුතු කල පුද්ගලයෙක්. ඔහු මිය යන්නෙ තමන්ගේ නිවසේ සදළුතලයෙන් බිමට පැනීමෙන්. මේ මරණයට හේතු වශයෙන් ඔහුගේ සමීපතමයින් සඳහන් කරන්නෙ ඔහු තමන්ගේ වෘත්තිය පිළිබඳ නොසතුටින් සිටි බවයි.

ගුරු දත් 

hindi4

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක් සහ නිෂ්පාදකයෙක් වූ ගුරු දත් මිය ගියේ අධික නිදි පෙති පානය කිරීම නිසා බවයි අනාවරණය උනේ.

ක්‍රීඩා

Connet With Us