ලංකාවේ මානව හිමිකම් වාර්තාවේ සාරංශයක් අද ඉදිරිපත් කෙරේ

Published in පුවත්
Monday, 02 March 2015 12:29

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමින් විශාල අභියෝගයක් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28වැනි සැසිවාරය අද 02 ජිනීවාහිදී ආරම්භවීමට නියමිතය.

සමාරම්භක වැඩසටහන අමතා කථා කිරීමට නියමිත මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් ශ්‍රී ලංකාව පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව දැනගැනීමට ලැබී ඇත. ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාව සැප්තැම්බර් මස දක්වා ප්‍රමාද කිරීම පිළිබඳව මානව හිමිකම් සංවිධානයේ සාමාජික රටවලට ඔහු නිල වශයෙන් දැනුම්දීමට නියමිතය. තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්ෂික වාර්තාව මාර්තු මස පළමු සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී සාමාජික රටවල්හි මානව හිමිකම් තත්වය සහ අදාල රටවල් තුල ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු පිළිබඳවද පෙන්වාදීමට නියමිතය.

මෙම වාර්ෂික වාර්තාවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව තොරතුරුද ඇතුලත් කර ඇති බව දැනගැනීමට ලැබී ඇත. විශේෂයෙන් මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සහ ප්‍රජාතාන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නව රජය විසින් සිදුකිරීමට නියමිත නීති සංශෝධන පිළිබඳව ප්‍රසංශා කිරීමට නියමිතය.

28 වන සැසිවාරයේදී, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයේ නියෝජිතයින් මානව හිමිකම් පිළිබඳ ගැටළු පෙන්වාදෙමින් කතාකිරීමට බොහෝ දුරට ඉඩ ඇත. ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කරගැනීමට මෙම රටවල් දෙකම පසුගිය මානව හිමිකම් සැසිවාරයේදී කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව කල්දැමීම පිටුපස මෙම රටවල් දෙක ක්‍රියාත්මකවී ඇත.

ශ්‍රි ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම සැසිවාරයට සහභාගිවේ. එහි උප සමුළු වලට සහභාගිවීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහ මෙරට මානව හිමිකම් සංවිධාන වල නියෝජිතයින් ජිනීවා වෙත යාමට නියමිතය.

lankatnews

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us