අනාචාරය අපරාධයක්‌ නොවේ දකුණු කොරියානු අධිකරණය කියයි

Published in විදෙස්
Monday, 02 March 2015 11:51

අනාචාරය අපරාධයක්‌ නොවන බව දකුණු කොරියානු අධිකරණය තීන්දු කර ඇත. මීට පෙර 1953 සම්මත කළ නීතියක් අනුව අනාචාරය අපරාධයක්‌ බවත් එය ඔප්පු වුවහොත් වසර දෙකක දඬුවම් හිමිවන බවත් ප්‍රකාශ කර තිබිණි.

අනාචාරය වරදක්‌ නොවන බව ප්‍රකාශ කළ එරට විනිසුරුවරයකු වන පාර්ක්‌ හන්ඩුල් අවධාරනය කර සිටින්නේ ආදරය කිරීමට හා විවාහයක් පවත්වාගෙන යනවාද නැද්ද තීරණය කිරීමට නිදහසක් තිබිය යුතු බවයි. රජය ජනතාවගේ පෞද්ගලික ජීවිතවලට ඇඟිලි ගැසිය යුතු නැති බවයි ඔහුගේ අදහස. එසේම ඔහු පවසන පරිදි පෞද්ගලික අයිතිවාසිකම් 1950 දශයකට සාපේක්ෂව වැඩිදියුණු වී තිබේ.

මෙම තීන්දුව විමතියට කරුණක් වන්නේ 2008 වර්ෂය වනතුරුම අනාචාරය වරදක් ලෙස සලකා දකුණු කොරියා ආණ්ඩුව නඩු තීන්දු ලබා දීමයි. පසුගිය කාලය තුල ක්‍රියාත්මක වූ එම නීතිය යටතේ පනස්දහසක් පමණ අනාචාරය චෝදනාවට ලක්ව ඇතැයි පැවසේ.

කෙසේවෙතත් කාන්තාවක් අනාචාරයේ යෙදී වරදකරුවෙකු බවට පත් උවහොත් පිරිමියෙකුට වඩා කොරියානු සමාජයේ ගැරහීම් වලට ලක්වීමට සිදුවිය.

කොරියානු සමාජයේ සමහර පිරිස් අතර මේ අලුත් නඩු තීන්දුව සම්බන්ධව එතරම් ප්‍රසාදයක් නොමැති බව වාර්තා වේ. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ එරට විශාලතම කොන්ඩම් නිෂ්පාදකයා වන Unidus සමාගමේ කොටස් මිල ඉහල ගොස් ඇත.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us