News Items (18842)
හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර අැත.
බැන්ක්සි යනු බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාධරයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හා චිත්‍ර ශිල්පියෙක්. බැන්ක්සි යනු ඔහුගේ අන්වර්ථ නාමයයයි.
ව්‍යාජ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් කොට ඇති බව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවසයි.
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශව ඇප මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබීය.
උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත් වීම අනවාර්ය කරමින් පනවා තිබූ නියමය අත්හිටුවා තිබෙනවා.
ඔස්කාර් සිනමා උළෙලට සහභාගි වී සිටි රංගන ශිල්පිනියකගේ අමෙරිකානු ඩොලර් 150,000ක් වටිනා ගවුමක් කිසියම් අයෙකු සොරගෙන තිබෙනවා. ස්වභාවික සුදු පැහැති මුතු 6000ක් ඔබ්බවා මෙම ගවුම නිර්මාණය කර තිබී ඇත.
නානා පටේකර් ඉන්දීය රංගන ශිල්පීන් අතරේ සුවිශේෂ නළුවෙක්. රංගනයට අමතරව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහු සූදානම් වෙනවා. Ab Tak Chappan චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටය මෙලෙස නානා පටේකර් අධ්‍යක්ෂණය කරනවා. Ab Tak Chappan පළමු චිත්‍රපටයේ සහ දෙවැනි චිත්‍රපටයේ ඔහු පොලිස් පරීක්ෂකවරයෙකුගේ චරිතයක් නිරූපණය කරනවා.
දැයට කිරුළෙන් ආබාධිත වෛද්‍ය සිසුවියට මිලියන 180ක වන්දියක්
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයකදී ගොඩනැඟිල්ලක් කඩාවැටීටමන් අබාධිත වූ වෛද්‍ය සිසුවියට රුපියල් මිලියන 180ක මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කර අැත.
දූෂිතයන්ට එරෙහිව වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිරික්සීමේදී එය යම් කණ්ඩායමක් විසින් පාලනය කරන තත්වයක් දකින්නට ලැබෙන බව දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති. තෝරා ගන්නා ලද කිහිප දෙනෙකු පසු පස පැන්නීම පමණක් සිදුවෙමින් තිබීම මේ තත්වයට හේතුවී තිබේ.
