2008 වසරේ 'දැයට කිරුළ'ප්‍රදර්ශනයක් පැවැත්වෙන අතරවාරයේ එය නරඹමින් සිටි එවක වෛද්‍ය සිසුවියක වූ සමිතා සමන්මලී බී.එම්.අයි.සී.එච් හි ඉදිකිරීමක් කඩාවැටීමෙන් ආබාධයට ලක්විය.
තමාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දියක් ගෙවන ලෙස ඇය විසින් පවරන ලද නඩුවට අදාළව තීන්දුව අද (27) ලබාදෙමින් කොළඹ දිසා අධිකරණය විසින් මෙලෙස රු.මිලියන 180 ක මුදලක් ගෙවන ලෙස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ කළමනාකාරිත්වයට නියෝග කළේය.