අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ උසස් පෙළ සඳහා අයදුම් කිරීමේදී ගණිතය සමත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, යම් රැකියාවකට, වෘත්තියකට , පාඨමාලාවකට, ආයතනයකට හෝ කිසියම් කාර්යකට සාමාන්‍ය පෙළ ගණිතය විෂය සමත්වීමේ අවශ්‍යතාව දක්වා ඇති විටක මෙම සහනය මත එය නිදහස් නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.