ශෂී වීරවංශට ඇප ලැබෙයි !

Published in පුවත්
Friday, 27 February 2015 12:08

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශව ඇප මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබීය.

අදාළ නඩුව අද(27) කැඳවමින් රහස් පොලීසිය විසින් සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් ඇය අසනීප තත්ත්වයකින් පසුවන බැවින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

එම අවස්ථාවේදී ඒ පිළිබඳ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලීසියේ අදහස කුමක්දැයි විමසුවේය.

රහස් පොලීසිය වෙනුවෙන් පෙනීසිටි නියෝජිතයින් අධිකරණය විසින් සුදුසු තීරණයක් ගැනීම සම්බන්ධයෙන් තමාගේ විරෝධයක් නොමැති බව අධිකරණයට දැන්වීමෙන් පසු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට රු.15,000 ක මුදල් ඇපයක් හා රු.ලක්ෂ 5ක පුද්ගලික ඇපයක් මත නිදහස් කිරීමට තීරණය කළේය.හැම සිකුරාදාවකම අධිකරණයේ ලේඛකාධිකාරී හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

ශෂී වීරවංශ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රියකින් රැගෙන එනු ලැබුවාය. රහස් පොලිසිය පැවසූයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇය ලබා ගත් හැදුනුම්පත් ගැන වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

1967 උපන් දිනයක් වෙනුවෙන් ජාතික හැදුනුම්පතක් ලබා ගත් බව හෙළි නොකර 1971 උපන් දිනයක් වෙනුවන් තවත් හැදුනුම්පතක් ලබාගෙන ඇතැයි එම වාර්තාවෙන් කියවෙයි.නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා මහේස්ත්‍රාත් පිලපිටිය මහතාට පැවසුවේ එම සිද්ධිය දරුණු අපරාධයක් නොවන හෙයින් ශෂී වීරවංශට ඇප දෙන ලෙසයි.

නඩුව ලබන 15 වැනි දා ට කල් තැබූ මහේස්ත්‍රාත් සාක්කිකරුවන්ට බලපෑම් නොකරණ ලෙස අවවාද කළේය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us